Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 18, 2017

ඇඟ මස නිසා නැසෙන සමුද්‍රික ක්‌ෂීරපායීයා - මුහුදු ඌරා



ලොව පුරා වෙසෙන සත්ව විශේෂ අතරින් මරණයට කැපවූ තවත් එක් සත්ව වර්ගයක් ලෙස හැදින්විය හැකි මුහුදු ඌරා, ශ්‍රී ලංකාව අවට මුහුදේ හමුවන මුහුදු ක්‌ෂීරපායීන් අතරින් වඩාත්ම තර්ජනයට ලක්‌වූ සාමාජිකයාද වේ. 

විද්‍යාත්මකව Dugong dugon   ලෙස මෙම සත්වයා හඳුන්වන අතර, 'ඩියුගොන්' යන ඉංගීරිසි වචනය මැලේ භාෂාවෙන් "සමුද්‍රයේ ආර්යාව" (Lady of the sea) යන තේරුම ඇති නමක්‌  බව පත පොතේ සදහන් වේ. කෙන්යානු පුරාවෘත්ත අනුකූලව මුහුදු ඊරි නම් කර ඇත්තේ, සාගරයේ රැජින ලෙසය.

ඒ අනුව අතීත නාවිකයන් විසින් ඉඳහිට දකින ලද දියකිඳුරිය, මුහුදු ඌරා දැයි වත්මන් සමුද්‍රික පරිසරවේදීන් සැක පහල කරනු ලබයි. එයට හේතුව මේ සතාගේ ඇතැම් ශරීරාංග සහ ක්‍රියාකාරකම් මිනිසාට බොහෝ සෙයින් සමාන වීමය. මෙම ගැහැනු සතාගේ පියයුරු කාන්තාවන්ගේ පියයුරුවලට බෙහෙවින් සමාන වන අතර උන් පැටවුන්ට කිරි දෙන්නේද මිනිස්‌ අම්මලා සිය පැටව් හට කිරිදෙන ආකාරයට හරහට පැටවා තබාගෙනය. බිත්තරයක හැඩැති මුහුණ, අචල් පාද සගල, තනි වරලක් ලෙස දිස්වන පැතලි වලිගය, සිනහමුසු ස්‌වභාවයක් පෙන්නුම් කරන කෙටි හොම්බද ඒ අතර වේ. මුහුදු ශාක ඇඟ පටලවා ගත් මුහුදු ඊරිය උන්ගේ සුපුරුදු චර්යාව අනුව සමුද්‍රය මැද්දේ ගලක්‌ මත සන්ධ්‍යාවක සිටින විට ඈතින් එන ධීවරයාට පෙනෙන්නේ සුන්දර ලියක්‌ ලෙසය. මුහුදු ඊරියන්, මුහුදු අප්සරාවියන් ලෙස පෙනෙන්නේ මේ දර්ශනය නිසා යැයි අනුමාන කෙරේ.

‍සිරේනියා ගෝත්‍රයට (Sirenia) සහ ඩුගොන්ගීඩේ කුලයට අයත් මුහුදු ඌරා, වසර මිලියන 60කට ගණනකට පෙර ජීවත් වූ ක්ෂීරපායී සත්වයෙකු තම අවයවයන්හි වෙනස් උපයෝගීතාවයන් නිසා විවිධ අවශිෂ්ටවීම් හමුවේ ජලජ සත්වයෙකු බවට පත්වී නිර්මාණය වී ඇතැයි විශ්වාස කෙරේ. සාගර ජලයේ සහ මිරිදිය ගංගා මෝයවල් ආශ්‍රිතව තම වාස භූමි කරගත් මෙම සත්වයා උණුසුම් දිය ඇති මෝයවල හා නොගැඹුරු වෙරළාසන්න මුහුදේ වාසය කිරීමට වැඩි කැමැත්තක්‌ දක්‌වන අතර මුහුදු තෘණ වර්ග, ගංගා ආශ්‍රිත මිරිදිය ජලජ ශාක වර්ග සහ ඇල්ගී ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. මෙසේ මුහුදු තෘණ සහ පැළෑටි සිය ආහාරයට ගැනීම නිසාදෝ දෙමළ භාෂාවෙන් කඩල් පන්ඩි හෙවත් මුහුදු ඌරා යන නමින් සේම, කඩල් පශු යන මුහුදු ගවයා යනුවෙන් ද මේ සත්වයා හඳුන්වයි. මෙම සතුන්ගේ හොම්බ තියුණු ලෙස පහළට හැරවී තිබෙන අතර එය ඝනකම් කෙඳිවලින් වැසී ඇත. මේ අනුවර්තනය නිසා ඔවුන්ට පහසුවෙන් මුහුදු තෘණ උලා කෑ හැකිය. 
අළු පැහැය මිශ්‍ර රතු දුඹුරුය වර්ණයෙන් යුතු මොවුන් යුගල වශයෙන් සහ සමූහ වශයෙන් වාසය කරන අතර,
    1.      ඇමේසන් ගඟ ආශ්‍රිතව
    2.      ඇමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්  ආශ්‍රිතව
    3.      අප්‍රිකාව ආශ්‍රිතව  වෙසෙන වශයෙන්   
          
      ප්‍රධාන විශේෂ 3කි.






වසර 55-60ක පමණ කාලයක් දිවි ගෙවන මුහුදු ඌරා,  මීටර් 2-3.5 ත් අතර දිගකින් වැඩෙන අතර රාත්තල් 300-500ක පමණ බරින්ද වේ.ගැබ් කාලය මාස 12ක් වන මෙම සතුන්,  දිය තුලදීම පැටවුන්  බිහිකරන අතර එම පැටවුන් වසර 18-20කින් පමණ ලිංගිකව පරිණත වේ. වරකට එක් පැටවකු පමණක් බිහිකලත් කලාතුරකින් නිවුන් දරුවන්ද උපත ලබයි. උරපත් සිරුරට සවිවන ස්‌ථානයේ ඇති ස්‌තන ග්‍රන්ථිවලින් පැටවා මවගෙන් කිරි උරාබොයි. පැටවකු උපත ලැබීමේ දී අඩි හතරකට ආසන්න දිගකින් යුක්‌තය.

පෙනහළු සහිත මෙම සතුන්ට විනාඩි 6ක්‌ පමණ ජලය යට හුස්‌ම අල්ලාගෙන සිටිය හැකි වුවත්, ඉන් පසු හුස්‌ම ගැනීම සදහා සාගර මතුපිටට පැමිණිය යුතු වේ.
 
මස් පිණිස ධීවරයින් විසින් මරා දැමීමත් (මුහුදු ක්‍ෂීරපායි සත්වයකු බැවින් මුහුදු ඌරන්ගේ මාංශවලට ධීවරයින්ගෙන් ඇත්තේ අධික ඉල්ලුමක්‌ හා ගිජු බවකි), වේග බෝට්ටු වලින් සිදුවන අනතුරු නිසාත්, සාගර දූෂණයත් නිසා ‍වදවීමේ තර්ජනයට ලක්වී ඇති සත්ත්ව කොට්ඨාශයක් ලෙස රතු දත්ත පොතට ඇතුලත් කර ඇත.


 උපුටා ගැනීම :- 
 https://en.wikipedia.org/wiki/Dugong සහ පොත පත ඇසුරිනි.

සැකසුම:-                                                                                                                                                     ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී, බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය