Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 29, 2015

ආරක්ෂාකාරී ලෙස ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතය නවත්වන්නේ කෙසේද?

ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ යනු මොනවාද?


ස්ටීරොයිඩ් යනු ප්‍රබල ප්‍රතිප්‍රදාහිත බලපෑමක් ඇති ඖෂධයකි. එමගින් විවිධ ප්‍රදාහයන් (රතුවීම, ඉදිමුම, ආසාදන) අඩුකරයි. ගිලින පෙත්තක් ලෙසද, නාසයට ඉරීමට ඉන්හේලරයක් හෝ නාසයට දමන ස්ප්‍රේ එකක් ලෙසද, ක්‍රීම් සහ ointments ලෙසද ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතා කරයි.ස්ටීරොයිඩ් පෙති (Steroid pills) ආතරයිටිස් වැනි රෝග වලදී වේදනා නාශක සහ ප්‍රතිප්‍රදාහිත ඖෂධ ලෙස භාවිතා කරයි. ස්ටීරොයිඩ් ඉන්හේලරයක් ලෙස සහ නාසයට දමන ස්ප්‍රේ එකක් ලෙස ඇදුම රෝගීන්ට හා ආසාත්මිකතා වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි. දද (eczema)සහ ස්පර්ශය මගින් ඇතිවන සමේ රෝග (contact dermatitis) සඳහා ක්‍රීම් වර්ග සහ ointments ලෙසද ස්ටීරොයිඩ් ඖෂධ යොදා ගනී.
ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතය අනතුරුදායකද?
ස්ටීරොයිඩ් ඖෂධ ජීවිතාරක්ෂක හා ඵලදායී ඖෂධ වන අතර එමගින් අතුරුආබාධද ඇතිවේ. මෙම අතුරුආබාධ සමහරක් නම් සම තුනී වීම, රුධිරයේ සීනි මට්ටම වැඩිවීම, මුඛය වියළිම, අක්‍රමවත් ඔසප් චක්‍ර ඇතිවීම, රුධිර පීඩනය වැඩිවීම, අස්ථි දුර්වල වීම දැක්විය හැක. මෙම අතුරුආබාධ නිසා ස්ටීරොයිඩ්   ඖෂධභාවිතය කෙටි කාලයකට සීමාවේ.
ශරීරය මගින් ස්වාභාවිකව ස්ටීරොයිඩ් යම් ප්‍රමාණයක් නිපදවේ.ඔබගේ ශරීරයේ ආතතියක් ඇතිවිට (ආසාදනයක් ඇතිවීම හෝ ශල්‍යකර්මයක් කිරීමෙන් පසු) අමතර ස්ටීරොයිඩ් ප්‍රමාණයක් නිපදවේ. ස්ටීරොයිඩ් ඖෂධ ලබාගන්නා විට ශරීරය මගින් ස්ටීරොයිඩ් නිපදවීම නවතයි. දිගු කාලයක් ස්ටීරොයිඩ් ඖෂධ භාවිතා කිරීමේදී ආතතිය ඇතිවූ අවස්ථාවක ශරීරය මගින් ප්‍රමාණවත් තරම් ස්ටීරොයිඩ් නිපදවීම නවත්වාලයි. මෙම අවස්ථා වලදී වැඩිපුර ස්ටීරොයිඩ් ඖෂධ ලබා ගැනීමට සිදුවේ. 




ස්ටීරොයිඩ් (Steroid)ඖෂධ ලබා ගැනීම අඩුවූ විට කුමක් සිදුවේද?

ඔබ ස්ටීරොයිඩ් ඖෂධ ලබා ගැනීම අඩු කල විට ශරීරය මගින් වැඩිපුර ස්ටීරොයිඩ් නිපදවීම ඇරඹේ. මෙයට සති කීපයක් හෝ මාස කීපයක් ගතවිය හැක.ඔබගේ ශරීරය මගින් ස්ටීරොයිඩ් නිපදවන විට කැරකිල්ල, හිසේ සැහැල්ලු ගතිය ඇතිවීම සහ මහන්සි ගතිය ඇතිවේ. තවද බඩේ කැක්කුම, ශරීරයේ වේදනා ඇතිවේ. මෙම සංකූලතා ස්ටීරොයිඩ් නතර කිරීමේ ලක්ෂණ (Steroid withdrawal symptoms) ලෙස දැක්විය හැක. ස්ටීරොයිඩ් ගැනීම නතර කිරීමේදී මෙම රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍යවරයාට ඒබව පවසන්න.

ස්ටීරොයිඩ් ඖෂධ අඩු කර ගන්නේ කෙසේද?

ඔබ ස්ටීරොයිඩ් ඖෂධ ලබා ගැනීම අඩු කළ යුත්තේ ටිකෙන් ටිකය. ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා විසින් ලබා දෙන ක්‍රමානුකූල සැලැස්මක් ඔබ විසින් අනුගමනය කළ යුතුය. එය ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතුය. ඔබ දිගු කාලයක් මෙම ඖෂධ ලබා ගන්නේ නම් එය නැවැත්වීමට කටයුතු කළ යුතුය. මේ සඳහා ඔබගේ වෛද්‍යවරයා විසින් සරල රුධිර පරීක්ෂාවක් කිරීමෙන් පසු සම්පූර්ණයෙන් ඖෂධ නැවැත්වීමට තීරණය කරනු ලැබේ. එවිට ආතතිය ඇති වූ විට ඔබගේ ශරීරය විසින් සෙමින් සෙමින් ස්ටීරොයිඩ් නිපදවීම ආරම්භ කරයි. එවිට ආතතිය කාලය තුල දිගටම ඖෂධ ගන්නවාද නැතිනම් නැවත අළුතෙන් ආරම්භ කරනවාද යන්න ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ.

ස්ටීරොයිඩ් නතර කිරීමේ රෝග ලක්ෂණ වැළැක්වීමට කළ යුතුදේ...........
  • ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නොමැතිව ස්ටීරොයිඩ් භාවිතය නැවැත්වීම නොකළ යුතුය.
  • වෙනත් ඖෂධ ඒ සමග නොගත යුතුය. වට්ටෝරු රහිත ඖෂධ (Over the counter drugs) පවා වෛද්‍යවරයාගෙන් නොවිමසා නොගත යුතුය.
  • වෙනත් රටවල ලබා ගන්නා ඖෂධ පිළිබඳව සටහන් කරන ලද අත්පළදනා භාවිතය සඳහා ඇති අතර එමඟින් ඔබට සිහිනැතිවූ අවස්ථාවකදී හදිසි ප්‍රතිකාර කරන විට ස්ටීරොයිඩ් භාවිතා කරන බව දැනුවත් වේ. එබැවින් ස්ටීරොයිඩ් ලබා ගන්නා විට කාඩ්පතක සටහන් කර තබා හදිසි අවස්ථාවකදී එය ලබා දිය හැක.
  • ඔබගේ ස්ටීරොයිඩ් මාත්‍රාව අඩු කිරීමේදී රෝගී බවක් දැනුනහොත් ඒ බව වහාම වෛද්‍යවරයාට පවසා උපදෙස් ලබා ගන්න.
උපුටා ගැනීම - 
http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/how-to-stop-steroid-medicines-safely.html



May 27, 2015

ත්‍රිමාණ මුද්‍රිත හක්ක නිසා ජීවත්වන මුහුදු කැස්බෑවා

අතීතයේදී  නැවක හෝ බෝට්ටුවක අවර පෙත්තක් හා ගැටුණු මුහුදු කැස්බෑවෙකුගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් නොතිබුණි. එහෙත් දැන් ත්‍රිමාණ මුද්‍රිත හක්ක පැළඳවීමෙන් එලෙස  තුවාල ලැබූ මුහුදු කැස්බෑවකුගේ ජීවිතය ගලවා ගෙන තිබේ. එපමණක් නොව මෙම කැස්බෑවාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාවද උදා වී ඇත.

අවර පෙත්තේ වැදී තුවාල වූ කැස්බෑවාගේ හකුව සම්පූර්ණයන් විනාශ වී මරණාසන්න වූ විට ඌ බේරාගෙන තුර්කියේ ඩෙන්සිලි හී පාමුක්කලේ පිහිටි මුහුදු කැස්බෑවන් පිළිබඳ පර්යේෂණ ආරක්ෂණ සහ පුනුරුත්තාපන මධ්‍යස්ථානයට ගෙන එන ලදී. එම ආයතනය තුර්කියේ Btech නම් නව සොයා ගැනීම් සමාගම හා එක්ව මෙම මුහුදු කැස්බෑවා සඳහා හක්කක් නිර්මාණය කරන ලදි. ඉන්පසු ටයිටේනියම් යොදා එය ත්‍රිමාණ මුද්‍රණයෙන් අච්චු ගසන ලදී.

ත්‍රිමාණ හක්කක් සැලසුම් කිරීම සඳහා මුහුදු කැස්බෑවෙකුගේ සත්‍ය හක්කක් Scan කිරීමෙන්  ත්‍රිමාණ ආදර්ශනයක් සකස් කර තිබේ. ඉන්පසු එම ආදර්ශනය වෛද්‍ය විද්‍යාත්මක වූ ටයිටේනියම් යොදා ගෙන මුද්‍රණය කර ආබාධිත වූ මුහුදු කැස්බෑවාට එය ශල්‍ය කර්මයකින් බද්ධ කිරීම සඳහා මෙම යාන්ත්‍රික හක්ක ආරක්ෂණ මධ්‍යස්ථානයට යැව්වේය. මුහුදු කැස්බෑවා තවමත් වෛද්‍ය නිරීක්ෂණ මත සිටින අතර යාන්ත්‍රික හක්ක ප්‍රතික්ෂේප කිරීමෙන් වළක්වාලීමට විද්‍යාඥයින් විශේෂ අවධානයෙන් කටයුතු කරයි. එහෙත් නවීන තාක්ෂණය නිසා යාන්ත්‍රික හක්ක සහිත මුහුදු කැස්බෑවා ඉක්මනින් මුහුදේ පීනායනු දැකිය හැකිය.

උපුටාගැනීම :
Wounded Sea Turtle gets a 3D printed jaw by Kelsey D Atherton

https://www.youtube.com/watch?v=NKgFSNXb0lQ

ඔබේ මොලයේ සංඥාවෙන් අන් අයකුගේ අත පාලනය කළ හැකිද?

මිනිස් ශරීරයේ ඉතාම සංකීර්ණ සහ පුදුම සහගත ඉන්ද්‍රිය මොලයයි. නම කිවූ සැනින් එහි සංකීර්ණත්වය සිහි වූව ද මොලය පිළිබඳ මිනිසා ලබා ගෙන ඇත්තේ ස්වල්ප දැනුමකි.

සියළුම අධ්‍යාපන මට්ටම්වල සෑම සිසුවෙකුටම ස්නායු විද්‍යාව පිළිබඳ දැනුමක් වැටහීමක් ලබා දීමේ කාර්යයට උරදී ඇති පුද්ගලයෙකි ග්‍රේග් ගේජ්. “මොලයේ ක්‍රියාකාරීත්වය ගැන අපි තවම දන්නේ සුළු ප්‍රමාණයකී” 2012 වසරේ පැවති TED කථාවලදී ග්‍රේග් පැවසීය. ඒ නිසා කුඩා කාලයේ සිටම ඒ පිළිබඳ දැනුම හා උනන්දුව ඇති කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ස්නායු  විද්‍යාඥයකු සහ ඉංජිනේරුවකු වූ ග්‍රේග් ගේජ් මෑතකදී වැන්කුවර්හී පැවති TED කථාවේදී දියුණු කරන ලද Speaker Box නම්  උපකරණය ප්‍රදර්ශනය කරන ලදී. Speaker Box යනු ආක්‍රමණශීලී නොවන සරල උපකරණයක් වන අතර ද්විතියික හා ප්‍රාථමික සිසුන්ට එමගින් ස්නායු පද්ධතියේ විදුලි ආවේගයන් පිළිබඳ ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද බොහෝ DIY උපකරණ අතර මොලයේ පිටුපස කොටස් සම්බන්ධ උපකරණය Speaker Box වේ. මොලයේ ධාරිතාව පිළිබඳ ඉගෙන ගැනීමට කුඩා දරුවන් උනන්දුවෙන් හා ආශාවෙන් යොමු කිරීම සඳහා පමණක් නොව ස්නායු විද්‍යාව පිළිබඳ උනන්දුව උද්දීපනයට මෙය යොදා ගැනීම මෙහි අරමුණයි.

මොලය ඉතා සුවිශේෂි ඉන්ද්‍රියක් ලෙස ප්‍රකාශ කළ ද එහි ක්‍රියාකාරීත්වය සහ ගති ලක්ෂණ පිළිබඳ වැඩියමක් කිසිවෙකුට පැවසිය නොහැකි වී ඇත්තේ අපි පාසලේදී ස්නායු විද්‍යාව දරුවන්ට උගන්වන්නේ නැති නිසා බව ඔහු TED සාකච්ඡාවේ ප්‍රේක්ෂකයින්ට ප්‍රකාශ කරන ලදී.
ඉලෙක්ට්‍රෝඩ සහ පරිගණක පද්ධතියක් හා සම්බන්ධ වීමට කැමති ස්වේච්ඡා පුද්ගලයින් දෙදෙනෙක් මෙම Speaker Box උපකරණයේ ක්‍රියාකාරීත්වය දැක්වීමට අවශ්‍යය වේ. මෙමගින් චලනයේදී ඇතිවන විදුලි සංඥා හදුනාගෙන එමගින් මිනිසා -මිනිසා අතර සම්බන්ධතාවයේ අතුරු මුහුණත නිර්මාණය කළ හැකිය. එක් ස්වේච්ඡා පුද්ගලයෙකුගේ මොලයේ සංඥා මගින් අනෙක් ස්වේච්ඡා පුද්ගලයාගේ බාහුව පාලනය කිරීමට හැකිවේ.
ස්නායු සමට ආසන්නව පවතින නිසා සම්පූර්ණ ක්‍රියාවලියම ආක්‍රමණශීලී නොවේ. ඒ නිසා විශේෂයෙන් කුඩා දරුවන්ට සම්පූර්ණයෙන් ආරක්ෂාකාරී වන මෙම උපකරණය භාවිතයට අවශ්‍ය වන්නේ ස්නායුගත සහ ඇලෙන සුළු ආවරණ බාහුව සම්බන්ධ කිරීම පමණි. මේ සමග ඇති වීඩියෝව නරඹන්න.

උපුටා ගැනීම -
 How To Control Someone Else’s Arm Using Your Brain – by Morenike Adebayo

https://www.youtube.com/watch?v=rSQNi5sAwuc

May 20, 2015

ජෛවඅනුකරනයෙන් නැනෝ ලෝකයට

තාක්ෂණ ක්ෂේත්‍රෙය් ඉදිරිපත් කරන නිර්මාණ හා සැසදීමේදී ස්වභාව ධර්මයේ ශාක සහ සතුන් පවතින්නේ සිය දහස් වතාවක් ඉදිරියෙනි.
අපගේ  ගැටලු වලට විසදුම් සෙවීමට හොදම ස්ථානය සොබාදහම බව විද්වතුනගේ පිලිගැනීමයි.
මෙසේ ස්වභාවික නිර්මාණ වල සූක්ෂම ස්ථාන ග්‍රහනයෙන් නව නිර්මාණ බිහි කිරීම ජෛවඅනුකරනය නම් වේ.
ස්වභාව ධර්මයේ ශාක සහ සතුන් අධ්‍යනයෙන් නැනෝ ව්‍යහ නිපදවා ඇත.

කාන්තාර වල වෙසෙන නැම්බ් නම් කුරැමිණියාගේ දේහාවරනයේ පවතින  නැනෝ ව්‍යහයන් මගින් පිණි රැස් කොට අවශ්‍ය අවස්ථා වලදී ජලය නිදහස් කිරීමට හැකි යාන්ත්‍රනයක් පවතියි.
නැම්බ් කුරැමිණියාගේ මෙම ජලය නිදහස් කිරීමේ ක්‍රමවේදය නැනෝ තාක්ෂණිවල ක්‍රියාවලියකි.මෙම ක්‍රමය භාවිතයෙන් සිරැර තුල අවශ්‍ය අවස්ථාවලදී ඹෟෂධ නිදහස් කිරීමට නැනෝ ව්‍යහ තැනීමට පර්යේෂකයන් උත්සාහ කරති.
ටෝකන් පක්ෂියාගේ හොටෙහි පවතින නැනෝ ව්‍යහික සැකැස්ම නිසා ගැටීම් වලදී එයට හානියක් නොවේ.ඒ පිලිබද අධ්‍යනයෙන් රථ වාහන කොටස් නිර්මාණය  කොට ඇත.ගැටීම් වලින් හානි කර නොවී මගීන්ගේ ආරක්ෂාව තහවුරැ කර ගත හැක.
රැහැයියන්ගේ පියාපත් වල ඇති නැනෝ ව්‍යහ අධ්‍යනය  කොට අවර්ණ ක්‍රීම් වර්ග නිපදවා ඇත.
සමනලුන්ගේ පියාපත් වල වර්ණ හුවමාරැ කිරීමේ හැකියාව අධ්‍යනය කල ජපන් පර්යේෂකයන් එම තටු වලට සමාන පෘෂ්ඨ නිපදවා තිබේ.මෙය පතනය වන ආලෝකය  විමෝචනය කල හැකි වර්ණවත් පෘෂ්ඨයකි.
සමහර කුරැල්ලන්ගේ කුරැලු පිහාටු වල ඇති නැනෝ ව්‍යහ  අධ්‍යනය කර නැනෝ පටල නිපදවා ඇත.
කුරැලු පිහාටු වල මෙලනින් නිපදවන සෛල ඝන තට්ටු වශයෙන් ඇත.මෙම සෛල ආලෝක දිශානිත කර වර්ණවත් පෘෂ්ඨ නිපදවයි.
මෙහිදී රතු කහ කොල ආලෝකය නිකුත් කරයි.
සබන් බුබුලක පාට වෙන් වූ ආකාරයෙන්  වර්ණවත් පෘෂ්ඨ නිර්මාණය කරයි.
මෙම තාක්ෂණය තීන්ත කර්මාන්තයේදී සහ ඇගලුම් නිෂ්පාදන සදහා යොදා ගැනීමට පර්යේෂණ වල නිරත වෙමින් ඇත.
නවමු සංකල්ප උකහා ගැනීමට ඹබත් පරිසරය දෙස උවමනාවෙන් බලන්න.



උපුටා ගැනීම   Science daily Article

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවට ඔබත් ගොදුරු වී ඇත්ද?

ප්‍රතිජීවක යනු මොනවාද?
 
ප්‍රතිජීවක යනු බැක්ටීරියා, සමහර පරපෝෂිතයින් සහ දිලීර වර්ග සමග සටන් කර රෝග මැඩපවත්වන ‍ ‍‍ඖෂධ වේ. වෛරස් මගින් ඇති කරනු ලබන සෙම්ප්‍රතිශ්‍යාව, උණ (colds, flu) වැනි ආසාදනහා ප්‍රතිජීවක මගින් සටන් කරනු නොලැබේ.


ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව යනු කුමක්ද?   
බොහෝ ප්‍රතිජීවක භාවිතය සහ නුසුදුසු පරිදි ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ඇතිවේ. එය ඇතිවන්නේ අපගේ ශරීරයේ ඇති බැක්ටීරියා වෙනස් වීම් වලට භාජනය වීම නිසා ඒවා සටන් කිරීමට සුදුසු තත්වයේ නොමැති වීමෙනි. එකම ප්‍රතිජීවකය නිතර ගැනීම හෝ ප්‍රතිජීවක ගන්නා විට යම් බැක්ටීරියා ප්‍රමාණයක් නොමැරී ශරීරයේ ඉතිරි වීම නිසා (ප්‍රතිජීවක ඖෂධ නියම කරන ප්‍රමාණය නොගැනීම නිසා විය හැක) ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ඇතිවේ. එබැවින් අනාගතයේදී මෙම බැක්ටීරියා ගුණනය වී ශක්තිමත්වී ප්‍රතිරෝධී බවට පත්වේ.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ප්‍රශ්ණයක් කරගත යුතුද?
ඔබ ප්‍රතිජීවක ගන්නා විට එමගින් බැක්ටීරියා සම්පූර්ණයෙන් නොනැසී පැවතුනහොත් ඔබගේ රෝගය සුව නොවී  පැවතිය හැක. එවිට සුවවීම වෙනුවට ඔබගේ රෝගය උත්සන්න වේ. ඔබට නැවත කීප වතාවක් වෛද්‍යවරයා හමුවීමට සිදුවේ. එමනිසා ඔබට නොයෙක් ඖෂධ ලබා ගැනීමට හෝ ට වඩා ප්‍රබල ප්‍රතිජීවක එන්නත් මගින් ලබාදීමට රෝහල් ගත වීමට සිදුවේ. ඒ සමගම ඔබගේ පවුලේ සාමාජිකයන් හා අන් අයට එම ප්‍රතිරෝධී බැක්ටීරියාවට නිරාවරණය වීමටද සිදුවේ. එවිට ඔවුන්ටද ප්‍රතිකාර කිරීමට පවා අපහසු රෝග ඇතිවේ.
ඔබ අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ලබාගන්නා විට හෝ ඔබට වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සියල්ලම ලබා නොගත් විට ඔබට ප්‍රතිරෝධී බැක්ටීරියා මගින් ඇති කරන රෝගයක් වැළඳීමේ ඉඩකඩ වැඩිවේ.

ප්‍රතිජීවක අවශ්‍ය නොවන අවස්ථා මොනවාද?
ප්‍රතිජීවක අවශ්‍ය නොවන රෝග නම් සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ප්ලුවන්සා උණ (flu) Mononucleosis, ආදී වෛරස් ආසාදන වේ. එමනිසා වෛරස් ආසාදන සඳහා ප්‍රතිජීවක ලබාදෙන ලෙස ඉල්ලා නොසිටිය යුතු අතර ඔබගේ ශරීරය මගින් ආසාදනය මැඩ පැවැත්වීම සඳහා සටන් කරන බැවින් රෝග ලක්ෂණ නැති කිරීමෙන් සුවපහසු බව ලබා ගැනීමට උපදෙස් පැතිය යුතුය.

වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රතිජීවක ලබා ගන්නේ කෙසේද?
වෛද්‍ය උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සම්පූර්ණයෙන් ගන්න. පසු අවස්ථාවක රෝගී වූ විට පාවිච්ච් කිරීමට බෙහෙත් ඉතුරු කර නොගන්න. ඔබට මාත්‍රාවක් හෝ දෙකක් මග හැරුනු විටදී පවා යම් බැක්ටීරියා ප්‍රමාණයක් ශරීරයේ ඉතිරිවී නැවත ප්‍රතිජීවක භාවිතා කරන විට එයට ප්‍රතිරෝධයක් දැක්විය හැකිය.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අඩු කිරීමට කලහැකිදේ..
ඒ සඳහා ප්‍රතිජීවක පාවිච්ච්ය අවම කර ගත යුතුය. නිරතුරුව අත් සෝදා පවිත්‍රව තබා ගැනීම මගින් ලෙඩ බෝවීම වලක්වා ගත හැකිය. රෝග වලින් වැලකීමට අවශ්‍ය සියලු එන්නත් ලබාගෙන ඇතිබවට වෛද්‍යවරයාගෙන් විමසා දැනගත යුතුය.

උපුටා ගැනීම

http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/antibiotic-resistance.html

May 18, 2015

රක්ත වාතයට Methotrexate (මෙතොට්‍රික්සේට්) ගන්නවාද?

Methotrexate යනු කුමක්ද?
ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකරන ‍‍ඖෂධයකි. එය සමහර පිළිකා තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමටද ගනු ලැබේ. තවද උත්සන්න වූ  රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis) හා පොතුකබර (Psoriasis) රෝගය සඳහා විකල්පයක් නොමැති විට Methotrexate ඒ සඳහා යොදා ගනී. රුමැටොයිඩ් ආතරයිටිස් හා පොතුකබර යනු ස්වප්‍රතිශක්තීකරණ (Autoimmune disease) රෝග වන අතර ඒවා ඉතා ක්‍රියාකාරී ප්‍රතිශක්තීකරණ පද්ධති හා සම්බන්ධය. 


Methotrexate ඖෂධය මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මෙම සංකූලතා අඩුකරයි. නමුත් මෙම ‍‍ඖෂධය භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවන බැවින් ප්‍රවේශමෙන් භාවිතාකල යුතුය. 

Methotrexate භාවිතා කරන්නේ කෙසේද?
Methotrexate ගිලින පෙත්තකි. සමහරවිට එය එන්නතක් ලෙසද ලබා දේ. එය ඉතා ප්‍රබල ඖෂධයකි. එම නිසා එය වෛද්‍ය උපදෙස් පරිදි පමණක්‌ ගැනීම අත්‍යවශ්‍ය වේ. එහි මාත්‍රාව වෙනස් නොකළ යුතු අතර දවසේ එකම වේලාවකදී ගැනීම කළ යුතුය. ඔබ හට එම ඖෂධ මාත්‍රාව ගැනීමට අමතක වූ විට තවත් මාත්‍රාවක් නොගෙන වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. ඔබ අධික මාත්‍රාවක් ගත හොත් දරුණු අතුරු ආබාධ ඇති වේ.

Methotrexate වල සුලභ අතුරු ආබාධ...........
ඉතා සුලභ අතුරු ආබාධ නම් කෑම අරුචිය, හිසේ අමාරුව සහ සමහරවිට වමනය ඇතිවීම වේ‍. හිසකෙස් තුනී බවට පත් වේ. මුඛයේ තුවාල ඇති වේ. මෙම ‍‍ඖෂධය ගැනීමෙන් ඇතිවූ අතුරු ආබාධ වේනම් ඒ බව වෛද්‍යවරයාට පැවසිය යුතුය. පහත දැක්වෙන අතුරු ආබාධ ඇති වූ විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කල යුතුය.
1.      උණ සෑදුන විට හා ශරීරයට උණගතිය දැනුනු විට.
2.      පාචනය ඇති වූ විට‍.
3.      කරදරකාරී ලෙස කැස්ස ඇති වූ විට.
4.      හුස්ම ගැනීම ඉක්මන් වූ විට.
5.      අසාමාන්‍ය ලෙස රත්පැහැවීම හා ලේ ගැලීම. (මළපහ කළු පාට වීම)

Methotrexate භාවිතයේදි මතක තබා ගත යුතු කරුණු
1.      සෑම විටම වෛද්‍යවරයා හමුවී වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධය ලබා ගැනීම.
2.       වෛද්‍යවරයා ඖෂධයෙන් ඔබට ඇතිවූ බලපෑම ගැන අවධානය යොමු කරනු ඇත.
3.      වකුගඩු ,අක්මාව, ලේ නිෂ්පාදනය පිළිබඳව වෛද්‍යරයා විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය වාර්තා වෛද්‍ය වරයාගේ අවධානයට ඉදිරිපත් කළ යුතු වේ.
4.      ඖෂධය බොන අතර තුර මධ්‍යසාර, බියර් සහ වයින් භාවිතයෙන් වැලකිය යුතුය. එමඟින් අක්මාවට අහිතකර බලපෑම් ඇති වේ.
5.       වේදනා නාශක හා ඉදිමුම වැලැක්වීමට භාවිතා කරන බෙහෙත් මෙම ඖෂධය සමඟ නොගතයුතු අතර වෛද්‍යවරයා නිර්දේශ කලවිට පමණක් ගත හැකිය. එමඟින් Methotrexate ඖෂධයේ බලපෑම වැඩි වී අහිතකර තත්ව ඇති වේ.
6.       මෙම ඖෂධය ගන්නා විට එන්නත් ලබා ගැනීමෙන් වැලකිය යුතුය. ඖෂධය  නතර කිරීමෙන් පසු වෛද්‍යවරයා අනුමත කල විට පමණක් එන්නත් ලබා ගැනීම කල යුතුය.
7.       මෙම ඖෂධය භාවිතා කිරීමේදී වෙනත් ආසාදන ඇති වීමට පහසු බැවින් රෝගීන්ගෙන් වෙන් වී සිටීමට වගබලා ගත යුතුය.

ගැබිනි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට Methotrexate භාවිතා කළ හැකිද?
ගැබිනි සමයේදී හෝ කිරිදෙන සමයේදී හෝ දරුවෙකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින විටදී මෙම ඖෂධය ගැනීමෙන් වලකින්න. එය බේ දරුවාට අයහපත් බලපෑම් ඇති කරයි.  තවද මෙම ඖෂධය ලබාගන්නා කාලය අතරතුර පිළිසිද ගැනීමෙන් වැලකීමට හෝ උපත් පාලනය කිරීමට හෝ ලිංගිකව හැසිරීමෙන් වැලකීමට වග බලා ගන්න.

Methotrexate ගැනීමෙන් අනතුරුව දරුවෙකු අපේක්ෂා කරන්නේ නම් අන්තිම බෙහෙත් මාත්‍රාව ගැනීමෙන් පසු එක් සප් චක්‍රයක් නිම වන තෙක් සිටිය යුතුය.
තවද බගේ සහකරුවා Methotrexate ඖෂධය ලබා ගන්නේ නම් අවසාන මාත්‍රාව ගෙන මාස 03 ක් ගත වන තුරු දරුවෙකු පිළිසිද ගැනීම පමා කිරීම කල යුතුය‍.

උපුටා ගැනීම
http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/methotrexate.html