August 11, 2017

මාරාන්තික වකුගඩු රෝගයෙන් අත් මිදෙමු

    වර්තමානයේ සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටළුව බවට පත්වී ඇත.  ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුලින්  මෙම රෝගය  ලංකාවේ අනෙකුත් පළාත් වලද  පැතිරී  පවතින බවද පැහැදිලි වේ.

නමුත් මේ රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට වැය වන්නේ ඉතා සුළු මුදලකි. මෙය නිවැරදිව ක්‍රියාත්මක නොවීම තුළ රෝගීන් වැඩි වීමට හේතු වේ. Scrip Test  නමැති සරල මුත්‍ර පරීක්ෂණයේදී රෝගය හදුනාගන්නට වැය වන්නේ සුළු මුදලකි. නමුත් ජනතාවගේ නොදැනුවත්කම තුළ මේ සඳහා යොමු නොවීම  මෙම ගැටළුව වැඩිවීමට හේතුවක් වී ඇත.

වකුගඩු රෝගයෙහි රෝගී ලක්ෂණ ලෙස  වමනය, හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුවහිසරදය, ඇඟේ දුර්වලකම දැක්විය හැකිය.

රෝගයෙහි තුන්වන අවධියේදී රෝගියාගේ බාහිරව අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය ඇති වීම දක්නට ලැබේ. මෙහිදි හෘදයේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවමවීම තවත් රෝග ලක්ෂණයකි.

       තුන්වන අවදියේ සිට රෝගියාගේ අවසන් මොහොත දක්වා  අවධි 2 ක් පසුකළ යුතුය. 4 වන අවධියේ රුධිර පාරවිලයනය ද අවසන් අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමටද සිදු වේ. මේ නිසා රෝගියාට  හා පවුල්වල පුද්ගලයන්ට අධික වැය බරක් මේ සඳහා දරන්නට සිදු වේ.

        එම නිසා මෙම රෝගී තත්වය ඇති වීමට බලපාන හේතු පිළිබද අවබෝධයක් ලබා ගැනීම තුලින් මෙම තත්වය යම් තරමක් පාලනය කර ගත හැක.වකුගඩු රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතූන්  පහතින් දක්වා ඇත.
·       දියවැඩියා රෝගය වැලදි තිබිම
·       අධික රුධිරපීඩනය වැලදී තිබීම
·       වකුගඩුවක ඇතිවන ප්‍රධාහ සහ  ආසාධන තත්වයන්
·       දීර්කාලීනව පවතින මුත්‍රා ආසාධන‍
·       දීර්ඝකාලීනව වේදනා නාශක ඖෂධ භාවිතය
·       දීර්ඝකාලීනව තෙල් ලුණු සහ රස කාරක භාවිතය
·       මුත්‍රා පෙරීමේ මාර්ගයේ ඇතිවන අවහිරතා
·       ප්‍ර‍වේණිගත රෝග පැවතිම
·       කෘෂි රසායනික වර්ග දිර්ඝකාලීනව භාවිතා කිරීම
·       රසායනික තත්වයන්ට නිරාවරණය වීම.

මෙහිදී අප පළමුව කළ යුත්තේ රෝගය වැලදීමට පෙර ඉන් ආරක්ෂා වීමට කටයුතු කිරීමයි .රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව නිරෝගී පුද්ගලයන් මේ පිළිබදව දැනුවත් කිරීම ඉතා වැදගත්.මෙහිදී රෝගය වැළදෙන කණ්ඩායම පිළිබඳව කරන ලද සමීක්ෂණ වලදී  අවුරුදු 20 ට අඩු රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින අතර වැඩිපුරම  රෝගය වැලදී ඇත්තේ අවුරුදු  35- 45 ත් අතර පුද්ගලයින්ට බව හදුනා ගෙන ඇත.  එහෙයින්  අවුරුදු 20 ට අඩු අය දැනුවත් කිරීම තුලින් අනාගතයේදී මෙම රෝගය ව්‍යාප්ත වීම් වලක්වා ගැනිමට හැකිවනු ඇත. වකුගඩු රෝගයේ අවධානමෙන් මිදීමට

·       දියවැඩියා රෝගීන්ගේ රැධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමණයෙන් පවත්වා ගැනීම
·       ආහාර පාලනය හා නියමාකාරයෙන් ඖෂධ ගැනීමෙන් රුධිර පීඩනය අවම කිරීම.
·       ව්‍යායාම ආහාර  සහ ඖෂධ තුලින් රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය
·       වේදනා නාශක ඖෂධ භාවිතය හැකිතාක් සීමාකිරීම
·       දේශීය ආහාර භාවිතයට නිරන්තරයෙන් යොමු වීම
·       ලුණු තෙල් සහ රසකාරක භාවිතය සිමා කිරීම
·       මුත්‍රා ආසාධන තත්වයන්ට නිසි ප්‍රතිකාර ගැනීම
·       උසට සරිලන බරක් ශරීරයේ පවත්වාගෙන යාම
·       ශරීරයේ මේද දහනය සදහා ව්‍යායායම කිරීම


එසේ නම් හෙට දවසේ කාලීන වකුගඩු රෝගය අප රටින් තුරන් කිරීමට අප සැවොම එක්ව කටයුතු කල යුතුය. ඒ සඳහා  රෝගය පැතිර යන ප්‍රදේශවලට පිරිසිදු ජලය ලබා දීමට පියවර ගැනීම, විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර  ආහාර භෝග වගා කිරීමට අවශ්‍ය සහාය ලබා දීම රජයේ වගකීම වන අතර  මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත්  කිරීම අපගේ යුතුකම වන්නේය.  

උපුටාගැනීම
අන්තර්ජාලය හා පොතපපත ඇසුරෙන්



0 comments:

Post a Comment