August 4, 2017

අංශභාග රෝගය සදහා වූ නව ප්‍රතිකාර ක්‍රමයක්

අංශභාග රෝගය සදහා වූ නව ප්‍රතිකාර ක්‍රමයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ. ජෙරාඩ් රෝලන්ඩ්නම් වෛද්‍ය උපදේශකවරයා අංශභාග රෝගීන්ට ඔවුන්ගේ අංග චලනය කිරීමට උපකාරවන යන්ත්‍රයක් නිෂ්පාදනය කර ඇත. අංශභාග රෝගීන්ට ඔවුන්ගේ මොළය හා අත් අතර සම්බන්ධය යම්තාක් දුරකට ඇති කරවා ඔවුන්ගේ අංගවලනය කෙරෙහි උපකාර කිරීම මෙම යන්ත්‍රයෙහි අරමුණ බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබදව පර්යේෂකයෙක් වන එස්.ටී ලුවිස් පවසයි.
මෙම විද්‍යාඥයා පවසන ආකාරයට මෙම යන්ත්‍රය මගින් අංශභාගය නිසා මොළයට හානි නොවූ  ප්‍රදේශ මගින් මොළයට හානිවූ ප්‍රදේශවල ක්‍රියාකාරිත්වය ද සිය යටතට ගෙන එම ප්‍රදේශවල ක්‍රියාකාරිත්වය ද පාලනය කරයි.
අංශභාගය පුද්ගලයන් අකර්මණ්‍ය කරන ප්‍රධාන සාධකයක් ලෙස ඇමරිකාවේ පවතින බෝනොවන රෝගයකි. වසරකට 70,0000 පමණ දෙනා අංශභාගයට ගොදුරුවන අතර මිලියන 07 ක් පමණ එයින් ඇති වූ හානිය නිසා ආබාධ  සමග ජීවත්වේ.

අංශභාගයෙන් ඇතිවූ රෝගාතුර තත්ත්වය පළමු සති දෙක තුන අතර තුර නැවත යථා තත්ත්වයට පත්වන අතර උපරිම වශයෙන් යම් ප්‍රගතියකට පත්වීමට මාස 03 ක පමණ කාලයක් ගතවේ.

මෙම ක්‍රමවේදය අංශභාගය සෑදී මාස 06 කට පෙර කල යුතු අතර ඉන් පසු මෙය සිදුකිරීමෙන් එතරම් ප්‍රගතියක් ඇතිවන්නේ නැත. මෙලෙස පවසන්නේ ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙක් වන සාන්ත ලුවිස් විශ්වවිද්‍යාලයේ අංශභාග රෝගීන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ප්‍රවීනයෙක් හා අධ්‍යක්ෂක වරයෙක්ය. මෙම සොයාගැනීම් අතහැර දමා ඇති  අංශභාග රෝගීන්ට තාක්ෂණික උපකාරයක් වනු ඇත.

 මෙතෙක් සොයාගෙනඇති ආකාරයට ශරීරයේ වම් පැත්ත පාලනය කරන්නේ මොළයේ දකුණු පැත්ත විසිනි. තව ද ශරීරයේ දකුණු පැත්ත පාලනය කරන්නේ මොළයේ වම් පැත්ත විසිනි. නමුත් ඩේවිඩ් බන්ඩ් නම් විද්‍යාඥයාගේ නවතම සොයාගැනීමට අනුව මොළයේ කුඩා කොටසක් එම පැත්තේම කාර්යන් පාලනය කිරීමට සැකසී ඇත.

එම මොළයේ කුඩා ප්‍රදේශය මගින් ක්‍රියා විරහිත තත්ත්වයකට පත් වූ අත හා කකුල පාලනයට සංඥාවන් එවූවත් එම සංඥා නිවැරදිව නොයයි. මෙම උපකරණය සාදා ඇත්තේ එය නිවැරදිව යැවීමටයි.


   

සකස්කළේ:  විද්‍යා හා තාක්ෂණ නිලධාරි,   කටාන 

0 comments:

Post a Comment