October 4, 2017

මසුන් ඇල්ලීමට මිනිසුන්ට සහය වන ඩොල්ෆින්

මිනිසුන් සමග එක්ව මසුන් ඇල්ලීමේ යෙදෙන bottle-nose ඩොල්ෆින් සතුව ඇති විශේෂ නළා ශබ්දය (සියුරුහන් හඬ) මගින් ඔවුන් එකිනෙකා හඳුනාගන්නා බව අධ්‍යනය කර තිබේ.

ඉඟටිය දක්වා ගැඹුරු ජලය සහිත බ්‍රසීලයේ පිහිටි ලැගුන (Laguna) හි ධීවරයෝ එක පෙළට ජලයේ සිටගෙන හෝ ඔරුවල රැඳී සිටිති. වඩාත් ඇතින් සිටින bottle-nose ඩොල්ෆින් මුහුදේ සිටින ගල්මාලු රෑන් පසුපස හඹා යමින් උන් ධීවරයෝ රැදී සිටින වෙරළ සමීපයට එලවා දමයි. එහෙත් ජලය කැළඹී ඇති බැවින් මසුන් තමන් සමීපයට පැමිණ ඇති බව ධීවරයන්ට නොවැටහේ. එනිසා ධීවරයෝ මසුන් ළගාවී ඇති බව දැනගැනීමට ඩොල්ෆින්ගේ සංඥාවක් බලාපොරත්තුවෙන් සිටිති. ඩොල්ෆින් ක්ෂණිකව මුහුදට කිමිදීම හෝ ජලයට ක්ෂණිකව එල්ලවන උන්ගේ වල්ගා පහර මෙම සංඥා වේ. එවැනි සංඥාවක් ලැබුණු විගස ධීවරයෝ දැල් එලති. ධිවරයින් මෙලෙස ඩොල්ෆින් මසුන් සමග එක්ව මසුන් ඇල්ලීමෙන් ලොකු ඵලදාවක් නෙලා ගනු ලැබේ. එමෙන්ම ඩොල්ෆින්ටද වැඩි කොටසක් ලැබේ යැයි Santa Catarina හි ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ Mauricio Cantor පවසයි. දැල් වලින් ඉවතට පනින මසුන් විශාල ප්‍රමාණයක් ඩොල්ෆින්ගේ ආහාරය වේ.

සමහර ඩොල්ෆින් මසුන් මෙසේ තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් එක්ව ධිවරයන්ට උපකාර වන ලෙස කටයුතු නොකරයි. තවද උපකාරීවන සහ උපකාරිනොවන ඩොල්ෆින් මසුන්ගේ නළා ශබ්ද එකිනෙකට වෙනස්ය. එනම් මසුන් ඇල්ලීමට මින්සුන්ට සහය වන ඩොල්ෆින්ට අනන්‍ය උච්චාරණයක්ද තිබේ.

වාසය කරන ප්‍රදේශ අනුව ඩොල්ෆින් මසුන් නිකුත් කරන ශබ්ද විවිධාකාර වේ. එහෙත් එකම කණ්ඩායමක මෙන්ම කුඩා ප්‍රදේශයක වාසය කරන මෙම උපකාරීවන සහ උපකාරිනොවන ඩොල්ෆින් මසුන්ගේ නළා නාදය එකිනෙලට වෙනස්වීම අසාමාන්‍ය බව Cantor පවසයි.
කෙසේවෙතත් ඩොල්ෆින් මසුන් ආහාර ගැනීමේදී ටික් ටික් ශබ්දයක් ඇති කරන බවත් එනිසා පර්යේෂකයින් ඩොල්ෆින්ගේ නළා හඬ මෙන්ම ටික් ටික් ශබ්දයද පිලිබදව අධ්‍යනය කිරීම ඩොල්ෆින්ගේ සන්නිවේදන ශබ්ද ක්‍රමය හඳුනාගැනීමට ප්‍රයෝජනවත් බවත් ඉතාලියානු ජාතික පර්යේෂණ සභාවේ Elena Papale පවසා තිබේ.    

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:   හර්ෂ ලංකේශ්වර

https://youtu.be/M0lKhKZDv4w?t=207

1 comments:

Post a Comment