October 11, 2017

සෞඛ්‍ය, රෝග හා සම්බන්ධ ලෝහ

අපගේ ජෛව විද්‍යාත්මක පද්ධති තුළ ලෝහ සහිත අණු විශාල කාර්යභාරයක් සිදුකරනු ලබයි. ශ්වසනය, ප්‍රජනනය වැනි අපගේ ශරීරය තුළ සිදුවන බොහෝ ක්‍රියාවලි සින්ක්, යකඩ සහ කොපර් වැනි ලෝහ මත රැඳී පවතියි. තවද සමහර විෂ ලෝහ කිසිදු ප්‍රමාණයක් ශරීරයට හිතකර නොවන අතර ඒවාට ශරීරයේ වැදගත් එන්සයිම විනාශ කල හැක. 

එම ලෝහ පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ.

ලෝහය
             හමුවන තැන           
සිදු කරන කාර්යය
ලැබෙන මාර්ගය
සෞඛ්‍යයට හිතවත් ලෝහ                                       
යකඩ (Fe)
ශරීරය පුරා ඇති එන්සයිම හා බැඳී පවතී. (උදා- හිමොග්ලොබීන්, නයිට්‍රස් ඔක්සයිඩ් සින්තේස්)
සිරුරේ ඔක්සින් හා සමහර රසායනික පණිවිඩ ප්‍රවාහනට උපකාරි වේ.
මස් (හරක් හා ඌරු මස්) හා පීකුදුවල බහුලය. බෝංචි, මොලැසස්, නිවිති
කොපර් (Cu)
ශරීරය පුරා ඇති එන්සයිම හා බැඳී පවතී. (උදා-සුපර් ඔක්සයිඩ් ඩිස්මියුටේස්)
මුක්ත අංශුවලින් ශරීරයට සිදු විය හැකි නාස්තිවලින් ආරක්ෂාව සලසයි.
කවච මාළු (කකුළුවන්, පොකිරිස්සන්) වියළී බෝංචි හා ඇට වර්ග
සින්ක් (Zn)
ශරීරය පුරා ඇති එන්සයිම, ඩී.එන්.ඒ. සහ සමහර හෝර්මෝන හා බැඳී පවතී. (උදා - ඉන්සියුලීන්)
ලිංගික පරිණත වීමේදී සහ හෝර්මෝන නියාමනයේදී කාර්ය භාරයක් ඉටු කරති. සමහර ප්‍රෝටීන වලට ඩී.එන්.ඒ. සමඟ තකදින් ඇලී සිටීමට උදව් කරයි.
කවච මාළු (බෙල්ලන්), මෑ ඇට, බේක් කල  බෝංචි, පුරෟන නිවුඩ්ඩ සහිත ධාන්‍ය, ඇට වර්ග
සෝඩියම් (Na)
පොටෑසියම් (K)
ශරීරයේ සෑම තැනකම සෝඩියසම් සෛලවලින් පිටත, පොටෑසියම් සෛල තුළ
ස්නායු හා හෘදයෙහි විදුලි සංඥා සන්නිවේදනය උදව් කරයි
සෝඩියම්- ආහාරයට ගන්නා ලුණු, ආප්ප සෝඩා (බේකිං පවුඩර්) පොටෑසියම්- කෙසෙල්, දෙහි, දොඩම්, අලිගැට පේර
කැල්සියම් (Ca)
අස්ථි, පේශි
පේශි හා ස්නායු ක්‍රියාකාරිත්වයට, රුධිරය කැටි ගැසීමට
කිරි ආහාර, මල් ගෝවා, මඩු, සාර්ඩින්
කොබෝල්ට් (Co)
බී 12 විටමිනයේ හරය (මධ්‍යය) තැනීමට
රතු රුධිර සෛල තැනීම සඳහා අවශ්‍ය වූවකි
මස්, කිරි ආහාර, කොළ පැහැ එළවළු

සෞඛ්‍යයට අහිතවත් ලෝහ
ආසනික් (As)
පාෂාණ, පස
පිළිකා සෑදීමට හා මරණය ඇති කිරීමට
ධුලක (විෂ)
ඊයම් (ලෙඩි) (Pb)
පරණ තීන්ත වර්ග (1973 ට පෙර තැනූ)
පිළිකා ඇති කළ හැකියි. ස්නායු හානි, මරණ
ධුලක (විෂ)
රසදිය (මර්කරි) (Hg)
දූෂිත වූ මාළු (විශේෂයෙන් එක්සත් ජනපදයේ මහා විල් කලාපයට)
සල්ෆර් සහිත විශේෂිත ව්‍යුහ අණු හා බැඳී පවතී.
ස්නායුමය හානී, මරණ
ධුලක (විෂ)







                                                           
සැකසීම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි, තිහගොඩ
විදුරාව සඟරාව ඇසුරින්

0 comments:

Post a Comment