November 15, 2017

කොරල් (හිරිගල්) ආරක්ෂාවට කෘතිම හිරු ආවරණයක්

කෘතිම හිරු ආවරණයක් මගින් පෘථිවිය මත අඩු උෂ්ණත්වයක් නිර්මාණය කර කොරල්පර විරංජනය වීම සහ සැඩ කුණාටු ප්‍රමාණය අඩු කිරීම සදහා විද්‍යායන්ගේ අවධානය යොමුවී තිබේ. එනම් පෘථිවියේ උෂ්ණත්වය වැඩිවීම පාලනයට කෘතිම හිරු ආවරණයක් සැකසීමට ඔවුහු උත්සහ කරති.

පෘථිවියේ කාලගුණ තත්ව වෙනස් වීම දැන් වැඩි වැඩියෙන් විද්‍යාමාන වේ. ඉතා කුඩා සල්ෆේට් අංශු වායුවක විසිර තිබීමේ ක්‍රමය (sulfate aerosols) මගින් ඉහළ වායුගෝලයේ නිර්මාණය කළ වේගයෙන් දියවෙන වලාකුළු සංකල්පය පර්යේෂණ කණ්ඩායම් කිහිපයක අත්හදාබැලීම් වලට භාජනය වී තිබේ. හිරුකිරණ යම් ප්‍රමාණයක් පෘථිවියට පතිත නොවී ආපසු අවකාශයට නිකුත් කිරීම මගින් පෘථිවිය උණුසුම් වීමේ වේගය අඩු කිරීමට ඔවුහු අපේක්ෂා කරති.

කැරිබියන් ප්‍රදේශ හා ඒවායෙහි පිහිටි දුර්වල කොරල් ගල්පර වලට සිදුවන බලපෑම මගින් මේ ආකාරයේ භූ-ඉංජිනේරු ක්‍රමයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබද අධ්‍යනයක් එංගලන්තයේ Bedfordshire විශ්ව විද්‍යාලයේ Jame Crabbe ඇතුළු කණ්ඩායම විසින් සිදු කරයි. “කොරල් යනු මුහුදේ වැසි වනාන්තර වේ. කොරල් වලට හානි සිදුවීම නිසා පරිසර පද්ධතියට හා මිනිසුන්ට ඇතිවන බලපෑම සංකීර්ණ හා දුරස්ථ ව්‍යාප්තියක් සහිත වේ.” Crabbe පවසයි.


2020 සිට 2069 දක්වා කාල පරාසය තුල කාලගුණය වෙනස්වීම සහ මුහුදු මට්ටම ඉහළ යාම සම්බන්ධ පරිගණක ආදර්ශනයක් (computer model) පර්යේෂක කණ්ඩායම භාවිතා කර තිබේ. ඉන්පසුව ඔවුහු සුර්ය කිරණ ප්‍රමාණය කෘතිමව අඩු කල විට ඇතිවන තත්වය පිලිබදව ආකෘතියක් නිර්මාණය කළෝය.“වායුගෝලයට සල්ෆර් ඩයොක්සයිඩ් විදීමෙන් මුහුද මතුපිට ප්‍රදේශයේ උෂ්ණත්වය වසර 2069 වන විට සැලකිය යුතු ලෙස අඩුවන බව අපි මෙම ආකෘතිය මගින් හොදින් නිරීක්ෂණය කළෙමු.” යැයි Crabbe ගේ ප්‍රකාශයේ සදහන්ව ඇත.

කොරල් පටක වල ජිවත්වන කුඩා ඇල්ගී ප්‍රභාසංස්ලේෂණය මගින් ඒවා පෝෂණය කරයි. මුහුදේ උෂ්ණත්වය වැඩි වූ විට මෙම කුඩා ඇල්ගී පහසුවෙන් ඉවත්වේ. එනිසා කොරල් සුදු වර්ණයට හැරීම හෙවත් විරංජනය (bleaching) සිදු වේ. දරුණු ලෙස විරංජනය වු විට කොරල් පර මියයයි. එනිසා කොරල් පර ආරක්ෂා කර ගැනීමට පරිසර උෂ්ණත්වය වැඩි වීම පාලනය කළ යුතුය.


මිට අමතරව සුර්ය කිරණ පතිත වීම කළමනාකරණයෙන් සැඩ කුණාටු ඇතිවීමේ වාර ගණනද අඩු කළ හැකි වේ. තදබල කුණාටු මගින් කොරල් පර කැඩීයාමට අමතරව ඒවායේ පුනර්ජනනය සහ සමුර්ජනනය සිමා කිරීම සිදු වේ. රළ සහිත ජලය නිසා පිළව් විශේෂයන්ට වෙනත් ගල්පර වල එල්ලීමට හැකියාවක්ද නොලැබේ. මේ නිසා කොරල් පර ආරක්ෂාවට සැඩ කුණාටු ඇතිවන වාර ගණන සිමා කිරීමට උෂ්ණත්වය පහල මට්ටමක තබා ගැනීම අත්‍යාවශ්‍යය. එහෙත් සුර්ය කිරණ කළමනාකරණයේ ප්‍රධාන ගැටළුව එම ක්‍රමයේ සපලතාවය නොව එමගින් සිදුවිය හැකි නරක අතුරුඵල පිළිබද සොයා බැලීම බැවින් අධ්‍යනය තවදුරටත් සිදු කරමින් පවතින බව Crabbe පවසයි.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/Ou0BhjeKZVM?t=6

0 comments:

Post a Comment