November 10, 2017

චන්ද්‍රිකා ගමනාගමන තාක්ෂණය (GPS) මිලි මීටර 1 ක් දක්වා නිරවද්‍ය වීම

ඩරෝන සහ යුද්ධෝපකරණ සදහා සුපිරි නිරවද්‍යතාවයක් ලබාදීමට සමත් චන්ද්‍රිකා තාක්ෂණ ගමනාගමනය (satellite navigation) වෙනුවෙන් චීනය නවතම චන්ද්‍රිකා 3ක් අභ්‍යවකාශ ගත කිරීමට සුදානම් වේ.

සාමාන්‍යයෙන් භාවිතාවෙන GPS ග්‍රාහක වලට වැඩි නිරවද්‍යතාවයක් ලබා ගැනීම සදහා චන්ද්‍රිකා කිහිපයක සංඥා භාවිතා කරයි. නව චන්ද්‍රිකා මගින් ලබාදෙන සංඥා මගින් මෙම නිරවද්‍යතාවය මිලි මීටර 1 දක්වා සියුම්වීමට නියමිතය.

මෑතකදී නිර්මාණය කළ වඩාත් නිවැරිදි පරමාණුක ඔරලෝසු භාවිතය නිසා වඩාත් යථාර්ථ හා සියුම් රේඩියෝ සංඥා නිකුත් කිරීමට මෙම චන්ද්‍රිකා සමත් වේ. නව පරමාණුක ඔරලෝසුව තත්පරයකින් දෝෂ සහිත වීමට අවුරුදු මිලියන 300 ක් ගත වේ. සම්පුර්ණයෙන් නිවැරිදි නව චිප සහිත නව පද්ධතිවලින් සමන්විත Beidou 3 නම් මෙම චන්ද්‍රිකා පෘථිවියේ පාලන මධ්‍යස්ථානවලින් සිදුකරන වර්ධනය කිරීම් වැනි සහය නොමැතිව ක්ෂණික නිවැරිදි සංඥා සපයයි. Beidou 3 ග්‍රාහක වල පරිගණක චිප Allystar Technology හි නවතම නිර්මාණ වේ. Beidou Navigation චන්ද්‍රිකා පද්ධතිය සම්පුර්ණ කළ පසු එමගින් මුළු පෘථිවියම ආවරණය කළ හැකි වන නමුත් ආරම්භයේදී මෙම සංඥා හමුදාමය ඩරෝන සහ යුද්ධෝපකරණ සදහා පමණක් භාවිතා කරන බව සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/Ijl1ArfY3ng

0 comments:

Post a Comment