November 15, 2017

Solar Window (සූර්ය කවුළු)


Solar Window (සූර්ය කවුළු)
අනාගත ලෝකයේ බලශක්ති අර්බුදයට විකල්පයක් ලෙස මෙන්ම පරිසර හිතකාමී ලෙස බලශක්ති උත්පාදනය කිරීමේ තාක්ෂණය සූර්ය කවුළු මගින් උදා කෙරේ. මෙමගින් දැනට ලෝකයේ විශාල වශයෙන් ෆොසිල ඉන්ධන කෙරෙහි ඇති ඉල්ලුම හා විශ්වාසය අවම කළ හැකි සේම පරිසරයට නිදහස් වන කාබන් ප්‍රමාණය ද අවම කළ හැකිවීම වඩා සුභදායී වනු ඇත.

Solar Window සාම්ප්‍රදායික ජනෙල්යකට සමානව නිපදවා ඇති මුත් එහි මතුපිට ආලේප කර ඇති, විනිවිද පෙනෙන ආලේපනයක් මගින් සූර්යාලෝකය ග්‍රහණය කර ගැනීමෙන් පසු, ප්‍රකාශ වෝල්ටීය සෛල ගොනු වෙත (Organic Photo Voltaic array/OPV) වෙත දිශානත කිරීමක් සිදු කරයි. මෙම සෛල හරහා අලෝකය ගමන් කිරීමේදී විද්‍යුත් ආරෝපණයක් ඇති කරන අතර, එමගින් ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්ථනය කරයි.



සූර්ය කවුළු මත ආලේප කිරීමට යොදා ගන්නා ආලේපනය කාබන් (C), හයිඩ්‍රජන් (H2), ඔක්සිජන්(O2) හා 
නයිට්‍රජන් (N2) යන මූලද්‍රව්‍යවල එකතුවකින් සෑදුණු මිශ්‍රණයකි. නැනෝ පරිමාණයේ අංශුවලින් මෙම මිශ්‍රණය 
සැකසෙන අතර, වීදුරු මත ඉතා තුනී ස්ථරයක් ලෙස ආලේප කිරීම සිදු කරයි. මෙම  ආලේපනය හරහා 
සූර්යාලෝකය ගමන් කිරීමේදී, ආලෝකයේ ඇති අධෝරක්ත (Infra-red) හා පාරජම්බුල (Ultraviolet) කිරණ 
පමණක් අවශෝෂණය කර, දෘෂ්‍ය ආලෝකය සාමාන්‍ය ජනේලයකදී මෙන් නිවස තුළින් ගමන් කිරීමට ඉඩ 
සලසනු ඇත.

සාම්ප්‍රදායික සූර්ය පැනල අඳුරු, සෙවණ ඇති හා කෘත්‍රිම ආලෝකය ඇති ස්ථානවලදී යොදා ගත නොහැකි වුවද, මෙම සූර්ය කවුළු මගින් ස්වභාවික ආලෝකය මෙන්ම ඇතැම්විට කෘත්‍රිම ආලෝකය භාවිතයෙන් ද විදුලිය නිපදවාගත හැකිවීම සුවිශේෂත්වයකි. මේනිසා දැනට භාවිත වන සූර්ය පැනලවලට වඩා කාර්යක්ෂතාවය වැඩි මෙම සූර්ය කවුළු මගින් අනාගතයේදී බොහොමයක් නිවෙස්වල විදුලි අවශ්‍යතාවය සපුරාලීම සිදු කරනු ඇත.






තවද අහස සූරන මැඳුරුවල විශාල වශයෙන් පිහිටි ජනෙල්වල සාමාන්‍ය වීදුරු වෙනුවට බලශක්ති ජනනය කරනු ලබන සූර්ය කවුළු ඉදි කිරීම නුදුරු අනාගතයේදී දැක ගත හැකි වනු ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ  Solar Window වර්ග මීටර් බිලියන 7ක් තරම් ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත්නම් එම රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 40%ක් සපුරාලිය හැකි බව ඇස්තමේන්තු කර ඇත.
එමෙන්ම මෙම බලශක්ති ජනනය කිරීමේ නව තාක්ෂණය රථ වාහන ක්ෂේත්‍රයට මෙන්ම ජංගම දුරකථන ආදි විවිධ ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකි බව ද සඳහන් කළ යුතුයි.


(අන්තර් ජාලය ඇසුරිනි.)

0 comments:

Post a Comment