December 4, 2017

ඔබ දිනපතා බිත්තර ආහාරයට ගැනීම සම්බන්ධ තොරතුරු බිඳක්

ඔබ දිනපතා බිත්තර ආහාරයට ගැනීම පටන් ගත් විට ඔබේ ශරීරයට සිදු වන්නේ කුමක්ද මෙන්න !ඇත්තටම අපි හැමෝම  විශ්වාස කරන දෙයක් තමයි ගොඩක් බිත්තර ආහාරයට ගැනීම සෞඛයට හොඳ නැති බව.
අප සියලු දෙනාම බයයි කොලෙස්ටරෝල් වලට හා බිත්තර ආහාරයට ගැනීමෙන් අපේ සිරුරේ බර වැඩි වෙයි කියාත් කෙසේ වෙතත්, බිත්තර අපගේ සෞඛයට  ඇත්තටම ප්‍රයෝජනවත් වෙන හේතු ගණනාවක් තිබෙනවා. බිත්තර ආහාරයට ගැනිමෙන් අපගෙ ශරීරය සෞඛය සම්පන්නවත්, ශක්තිමත් කර අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය පවා වැඩි දියුණු කරනවා.

බර ඉසිලීමේ ක්‍රීඩා කරන්නන් ගැන සිතා බලන්න! ඔවුන් අමුවෙන් බිත්තර කනවා. ඇත්ත වශයෙන්ම, ඔබ අමු බිත්තර පරිභෝජනය කිරීමට අවශය නෑ, (යම් හේතුවක් නිසා ඒ වගේ ඔබට දැනෙනවා නම්) නමුත් අනිවාර්යයෙන්ම බිත්තර ආහාරයට ගැනීම සැබෑ ලෙස පරීක්ෂා කල යුතු දෙයක්.


ඔබට මෙය ආරම්භ කිරීමට සමහර තොරතුරු  මෙහි වේ!

බිත්තර වල ප්‍රෝටීන , විටමින් (ඒ , බී 2, බී 6 , B12 , ඩී, ඊ ) සහ ඛනිජ ලවණ ( සින්ක්, thiamin , folate , පොස්පරස් , මැග්නීසියම්, සෙලේනියම් , යකඩ, තඹ, riboflavin ) සහ   අතයවශය පෝෂය පදාර්ථ  ඇදහිය නොහැකි තරම් ධනවත් මේද අම්ල වන omega  3  තිබෙනවා .

මීට අමතරව, මිනිස්සු ගොඩක් හිතන දේ තමයි  බිත්තර වල  අඩු කැලරි ප්‍රමාණයක් තිබෙන බව. ඒ වෙනුවට ඔවුන් තවත් බොහෝ හිතකාමී වෙනත් ප්‍රෝටීන වලින් පොහොසත් ආහාර ගන්නවා.විශාල බිත්තර වල කැලරි 71 ක් පමණක් වන අතර කිසිදු කාබෝහයිඩ්රේට හෝ සීනි ප්‍රමාණයක්  අන්තර්ගත නොවේ, මේදය ග්‍රෑම්  5ක් පමණ වේ. ( ඔබගේ දෛනික නිර්දේශිත ප්‍රමාණය සියයට 7 කි )

බිත්තර වල මොළයේ වර්ධනය හා මතක ශක්තිය වැඩි කිරිම සඳහා අත්‍යවශ්‍ය පෝෂය පදාර්ථ ඇති අතර, එහි අතිශය අසාමානය choline ප්‍රභවයක් අඩංගු වේ. වේ.ඔබේ ඇස් පෙනීම සඳහා අත්‍යවශ්‍ය වන  Lutein, zeaxanthin හා කෙරොටිනොයිඩ් විටමින් ද , බිත්තර වල අඩංගු වේ. cartenoids වලින් හිරු එළියෙන් වන හානි වලින් ඇස් ආරක්ෂා කරන අතර අන්ධභාවයේ  සහ ඇසේ සුද ඇතිවීමේ අවධානම අඩු කරයි.  වයස් ගත විමෙන්  ඇසේ කහ ලපය විනාශ වීමෙ අවදානම අවම කරයි. විටමින් E ( tocopherol ) පිළිකා ඇති විය හැකි පටක හා සෛල  සමග සටන් වදියි.

බිත්තර වල ඇති  කැල්සියම් සහ විටමින් D වලින් ඔබේ ශරීරයේ අස්ථි පවත්වාගෙන යාම සදහා අවශය සහාය ලබා දේ. විටමින් D ඇත්තටම කැල්සියම් අවශෝෂණය කර ගැනීමට ඔබේ ශරීරයට ඇති හැකියාව ඉහළ නංවයි, ඒ නිසා එක් අමුද්‍රවයකින් මේ සියල්ල ලැබිම ඇදහිය නොහැකි තරම් සෞඛ්ය සම්පන්න වේ. තව ද, බිත්තර සෞඛය සම්පන්න හිසකෙස් හා නිය ප්‍රවර්ධනයට උදව් වේ.කෙසේද යත් එහි උසස් අන්තර්ගතය වන සල්ෆර් වල අඩංගු ඇමයිනෝ අම්ල සහ විටමින් සහ ඛනිජ ලවණ නිසාවෙන්ය.

ඔබ කොලෙස්ටරෝල් වලින් පොහොසත් ආහාර පරිභෝජනය කරන විට සිදුවන්නේ කුමක්ද? ඉතා සරළ ය: අක්මාව ආරම්භ කර තිබෙනවා, හුරු වෙලා තිබෙනවා අඩු කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට ඒ නිසා, බිත්තර ආහාරයට ගැනිමෙන් ඔබේ සිරුරේ දැනට පවතින කොලෙස්ටරෝල් මට්ටම   වැඩි වන්නෙ නැහැ.ජනතාවගෙන්  70% කටම බිත්තර වලින්  කොලෙස්ටරෝල් වැඩි කරන්නේ නැහැ. අනෙක් 30% ට බිත්තර මෘදු පූර්ණ හා LDL කොලෙස්ටරෝල් වැඩි කළ හැක. බිත්තර වල ඇත්තටම ඔබේ ශරීරය හා මොළයේ සඳහා වැදගත් වන අධි- ඝනත්ව lipoproteins (HDL) අඩංගු වේ. HDL ඔබේ ශරීරයේ සෑම සෛලයක් තුළ ස්ථාවරත්වය ලබා දෙන අතර ඔබේ සිරුරට අවශ්‍ය විටමින් D හා testosterone estrogen  , සහ cortisol වැනි හෝමෝන  නිපදවයි.

ඔබගේ රුධිර නාල බිත්ති පාදවල වැකුණු මේ අඩු ඝනත්ව  lipoprotein (හොද නැති කොලෙස්ටරෝල්) මෙන් නොව, HDL කොලෙස්ටරෝල් මෙම අභයන්තර බිත්ති වල සනන්වය,රුධිර නාලවල මේදය වළක්වයි. එයින් LDL මට්ටම අඩු කරන අතර හෘද රෝග වලින් තොර සෞඛය සම්පන්න ජනතාවක් බිහි කරයි.



ඉතා කෙටියෙන් කියනවා නම්, ඔබ එක්  බිත්තරයක් හෝ  කන කෙනෙක් නම්, ඉන්  ඔබේ සිරුරට  ලැබෙන දේ බලන්න :

·                     විටමින් A: සම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, සාමානය දැක්ම පවත්වාගෙන යයි.

·                     විටමින් B2 (riboflavin):බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලිය, රතු රුධිර සෛල, දැක්ම හා ස්නායු පද්ධතියට ආධාර කරයි.

·                     විටමින් B12:බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලියට, රතු රුධිර සෛල වලට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට හා ස්නායු පද්ධතියට  ආධාර කරයි.

·                     විටමින් B5 (pantothenic අම්ලය): බලශක්ති පරිවෘත්තීය හා මානසික ක්‍රියාකාරීත්වයට ආධාර කරයි.

·                     විටමින් D: කැල්සියම් අවශෝෂණය කර අස්ථි සහ දත් සෞඛය සම්පන්න කිරිමට ආධාර කරයි

·                     විටමින් E: ප්‍රජනක පද්ධතිය, ස්නායු පද්ධතිය හා පේශි සෞඛ්ය සම්පන්න කරයි.

·                     Biotin: බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලියට, සම, හිසකෙස් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවත්වාගෙන යාමට උදව් කරයි.

·                      Choline: මේදය පරිවෘත්තීයට  හා අක්මාවට ආධාර කරයි. 

·                     ෆෝලික් ඇසිඩ්: ගර්භනී සමයේ ලේ ගොඩනැගීමට     හා පටක වර්ධනය ආධාර කරයි.

·                     අයඩින්: තයිරොයිඩ් ග්‍රන්ථියෙ ක්‍රියාව, සම හා ස්නායු පද්ධතියට පවත්වාගෙන යමට උදව් වේ.

·                     යකඩ: රතු රුධිර නිෂ්පාදනය හා ශරීරය පුරා ඔක්සිජන් ප්‍රවාහනයට උදව්  වේ.

·                     Lutein හා zeaxanthin: සාමානය දැක්ම පවත්වාගෙන යාම සහ වයස මුහුකුරා යද්දි ඇති වන අක්ෂි රෝග වලින් ආරක්ෂා කර ගනියි.

·                     පොස්පරස්:ඇටකටු සහ දත් වලටත්, බලශක්ති පරිවෘත්තීය පවත්වාගෙන යාමටත් ආධාර  කරයි.

·                     ප්‍රෝටීන: මාංශ පේශි, ඉන්ද්‍රියයන්, සම හා පටක ගොඩනැඟීම හා නඩත්තුව සහ ප්‍රතිදේහ, එන්සයිම සහ හෝමෝන නිපදවීම සඳහා උදව් වේ.

·                     සෙලේනියම්: ඔක්සිකාරක හානි වලින් සෛල ආරක්ෂා කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාව පවත්වාගෙන යාමට ආධාර  කරයි.


කෙසේ වෙතත්,ඔබ දියවැඩියා රෝගියෙක් නම්, ඔබ ඔබේ ආහාරයට ගත යුතු බිත්තර ප්‍රමාණය පිළිබඳව ඔබගේ වෛදයවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය ! ඒ වෙනුවට මුළු බිත්තරයම ආහාරයට නොගෙන බිත්තර සුදු මදය පමණක් ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්  සඳහා හොඳ විකල්පයක් විය හැකි නමුත් නැවත වරක්, එය ඔබගේ වෛදයවරයා සමඟ සාකච්ඡා කළ යුතු ය.

උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරිනී
ඩී.ජගත් විතානගේ,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,

දමන/උහන

0 comments:

Post a Comment