December 7, 2017

පිරිසිදු පානීය ජලයත් ප්‍රශ්ණයක් වේද?

ජලය මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සංගඨයක් වනවා මෙන්ම සතුන්ගේ ශාකවල හා සමස්ථ ජීවි වර්ගයාගේම පැවැත්මටද නැතිවම බැරි අංගයකි. ජීවින්ගේ සියලුම අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයන් මෙන්ම සියලුම ජීවින්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියක් සදහාම ජලය අත්‍යාවශ්‍ය වෙයි.දිනපතා පිරිසිදු කිරීම්, ඉවුම් පිහුම්, ආදී සියලුම කටයුතු සදහාම ජලය නැතිවම බැරි බව අප දනිමු.

එහෙත් ලෝකයේ සමස්ථ පරිමාණයෙන් 2/3 ක් ජලයෙන් වැසී තිබුනද ඉන් මිනිසාට පරිභෝජනයට ගත හැකි ජලය පවතින්නේ 1% ක් තරම් ඉතා අඩු ප්‍රමාණයක් වීම දෛවයේ සරදමක් බදුය. එම සුලු ප්‍රමාණයෙන්ද පානයට සුදුසු ජලය පවතින්නේ ඉතා අල්ප වශයෙන් වීම කොතරම් අභාග්‍යක්ද? ලොව පුරා වසරකට මිලියන ගණනක් පිරිසිදු පානීය ජලය නොමැතිකමින් ඇතිවන රෝගාබාධ වලින් මිය යති. කොතරම් තාක්ෂණය දියුණු යැයි අප උදම් ඇනුවද මේ දක්වාම ඒ සදහා විසදුම් සොයා ගැනීමට අප අසමත් වී ඇත.
          ශ්‍රී ලංකාව පානීය ජලය සපයා ගැනීම අතින් යම් තරමකට පොහොසත් වුවද මානව බලපැම තුලින් පරිසරයට එකතු වන කෘෂි රසායනික ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිසා පානීය ජල මුලාශ්‍රයන් එම අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර වීම හේතුවෙන් වකුගඩු රෝග වැනි අවාසනාවන්ත බෝ නොවන රෝග වලට ගොදුරු වෙසින් පවතී. තාක්ෂණයේ දියුණුවත් සමග මෙම අවධානමද වැඩි වීම බරපතල කාරණයකි. මෙම කාරණා ඔස්සේ ප්‍රතිජලය        ( Rowater) රටපුරා ජනප්‍රිය වෙමින් පවතින අතර එය ප්‍රධාන ව්‍යාපාරයක් බවට පත් වෙමින් තිබේ.
          තත්වය එසේ වුවත් පිරිසිදු පානීය ජලයද යම් රෝගී තත්වයන්ට හේතු විය හැකි බව අසන්නට ලැබුනහොත් එය මවිතයට ගෙන දෙන්නක් විය හැක. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව පිරිසිදු පානිය ජලය භාවිත කරන ලදරුවන්ට ඇදුම රෝගය වැලදීමේ ප්‍රවණතාවයක් ඇතැයි හෙලි කර ඇත. කුඩා දරුවන්ගේ බඩවැල්වල ජීවත් වන බැක්ටීරියා මගින් ඇදුම රෝගය වලක්වන අතර අන්වීක්ෂීය දිලීරයක් වන පිචියා  (picia) මගින් මෙම බැක්ටීරියාවල ඇදුම රෝගය වැලැක්වීමේ ක්‍රියාවට බාධා පමුණුවන බව මෙම පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගෙන ඇත. පිචියා දිලීරයේ වර්ධනයට පිරිසිදු පරිසරය හා පිරිසිදු ජලය හේතු වන බවත් ඒ නිසා දිගටම පිරිසිදු ජලය පානය කරන දරුවන්ට ඇදුම රෝගය ඇති වීමේ අවධානම වැඩි කිරීමට මෙම දිලීරය හේතු විය හැකි බවත් ඔවුන් විසින් පෙන්වා දෙයි. කැනඩාවේ හා ඉක්වදෝරයේ  ලදරුවන්ගේ අසුචි හා වෙනත් ද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කළ පර්යේෂණ වලදී පිරිසිදු ජලය පානය කරන ලදරුවන්ට ඇදුම රෝගය සෑදීමේ වැඩි අවධානමක් පවතින බවත් සොයාගෙන ඇත.
          අපිරිසිදු පරිසරවල ජීවත් වන දරුවන්ට රෝග සෑදීමේ අවධානම අඩු බව අප සමාජය පිලිගත් මතයක් වුවද පිරිසිදුකම හා පිරිසිදු පානීය ජලය අපගේ ජීවන රටාවේ මූලික අංග ලෙස අප සලකන්නට පුරුදු වී සිටිමු. එහෙත් මෙවැනි සොයාගැනීම් සමග එවැනි මතිමතාන්තර හා විශ්වාසයන් පිළිබදව නැවත සිතා බැලීමට සිදුවනු ඇත.

පොත පත ඇසුරනි....

විද්‍යා හා තාක්ෂණ නිලධාරී
අගුණකොළපැලැස්ස

0 comments:

Post a Comment