December 6, 2017

පසේ රසායනික තොරතුරු කඩිනමින් ලබාදෙන අපූරු උපකරණය


කර්මාන්ත මඟින් බැහැරලන අපද්‍රව්‍ය හා දූෂක හේතුවෙන් පාංශු දූෂණය සීග්‍ර ලෙස ඉහල යමින් පවතී. මෙම පාරිසරික ව්‍යසනයේ අනිටු ප්‍රථිඵලයක් ලෙස සෞඛ්‍ය ගැටළු උග්‍ර වෙමින් පවතී. ඒ අතර ලොව සංවර්ධිත රටවල බහුලව සිදුවන පෙට්‍රෝලියම් අපද්‍රව්‍ය පාංශු පරිසරයන්ට එක්වීම ප්‍රධාන තැනක් අත්කර ගනී. මේ සඳහා කඩිනම් ප්‍රතිකර්ම ලබාදීම ඉතා වැදගත් වේ. මෙසේ පාංශු පරිසරයන්ට එක්වන හයිඩ්‍රෝකාබනික දූෂක පිළිබඳ දත්තයන් කඩිනමින් ලබාගැනීම මඟින් ඒ සඳහා සිදුකල යුතු ප්‍රතිකර්ම වේගවත් කල හැකි වේ. මේ සම්බන්ධව පර්යේෂණයක යෙදුණු ඕස්ට්‍රේලියානු CSIRO ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මීට කදිම විසඳුමක් සොයාගෙන හමාරය. මේ සම්බන්ධයෙන් අදහස් පලකරන උපකරණයේ නිර්මාතෘවරුන් පවසන්නේ මෙය තනි පුද්ගලයකුට හැසිරවිය හැකි, ලොව ප්‍රථම වරට සාම්පල සිය ගණනක් කෙටිකාලයක් තුල පරීක්ෂාවට ලක්කල හැකි, එම ස්ථානයේ සිටම ඉතා කෙටිකලකදී විශ්ලේෂිත දත්තයන් ලබාගතහැකි, පර්යේෂණාගාරයක උපකාරයකින් තොරව අදාල පාංශු සාම්පල පරීක්ෂාකල හැකි විශිෂ්ඨ හා පලමු නිර්මාණය බවයි.

තවදුරටත් අදහස් දක්වන ඔවුන් පවසන්නේ සාමාන්‍ය ක්‍රමයට පාංශු සාම්පල පරීක්ෂාවේදී වැඩි කාලයක් ගතවන අතර සාම්පල පරීක්ෂාව සඳහා විශේෂ තත්ව යටතේදී පර්යේෂණාගාරයක් වෙත ගෙන යා යුතු අතර විවිධ රසායනික ක්‍රම ඹස්සේ තාක්ෂණ ශිල්පීන් මඟින් පරීක්ෂාවට ලක්විය යුතු බවයි. මෙය කාලයත්, ශ්‍රමයත්, වියදමත් වැය වන ක්‍රියාවකි. එසේම දූෂණයට ලක් වූ පරිසරයෙන් වෙත කඩිනම් ප්‍රථිකාර ලබාදීමේ මං අහුරන සාම්ප්‍රද්‍රායික ක්‍රමයක් බවද පෙන්වා දෙයි.

මෙම යන්ත්‍රය අඳෝරක්ත වර්ණාවලික්ෂ  පරීක්ෂාව නම් ක්‍රමය මගින් අදාල රසායනික සංඝටකයන් හඳුනාගැනීම හා ප්‍රමාණාත්මක නීර්නය සිදු කරයි. මෙහිදී රසායනික අංශූන් මගින් අවශෝෂිත අදෝරක්ත ආලෝක කිරණයන්ගේ සංඛ්‍යාත අධ්‍යයනය මගින් පවතින සාම්පලයේ  සංඝටකයන් නිර්ණය කරයි. මෙම උපකරණය මගින් තත්පර 15ක් තුල සංඝටක විශ්ලේෂණය කර උපකරණය සතු කුඩා පරිගණක තිරයේ අදාල තොරතුරු නිරූපණය කරයි. තවද මෙම තොරතුරු චිපයක ගබඩා කර (SD Card) පරිගණකයකට භාගත කල හැකි අතර MSXL මෘදුකාංගය ඔස්සේ පරීක්ෂාවට ලක් කල හැකි වේ.


මෙම ක්‍රමයේදී පාංශු සාම්පල පෙරීමකට හෝ වෙනයම් භෞතික ක්‍රියාවලියකට ලක් නොකර ඒවා සාම්පල වශයෙන් ලබාගත යුතු අතර එම ස්ථානය විවෘත කොට උපරණය, දූෂණයට ලක් වූ පාංශු කොටස මත තබා ක්‍රියාත්මක කිරීමය. මෙවිට සාම්පල තුල ඇති හයිඩ්‍රෝකාබනික දූෂකයන්ගේ සාන්ද්‍රණයන් තිරය ඔස්සේ ලබා ගත හැකිය. විශේෂයෙන් මෙම උපකරණය ඔස්සේ හයිඩ්‍රෝකාබනික පාංශු දූෂකයන් පරීක්ෂාවට ලක් කල හැකි අතර පෙට්ට්‍රෝලියම් අපද්‍රව්‍යයන් හේතුවෙන් අපිරිසිදු වූ පාංශු පරිසරයන්  විශ්ලේෂනයට හා භූගත කොටස් තුලින් ලබා ගත් සාම්පලයන් පරීක්ෂාකොට මෙම උපකරණය යොදාගත හැකි බව පෙන්වා දිය හැකිය.

www.gizmag.com ඇසුරිනි.          

0 comments:

Post a Comment