December 5, 2017

මී මැසි පරපුර - සුරකියි අප සැම

ජෛව විවිධත්වය මනාව පවත්වා ගනිමින් පරිසරය රැක ගැනීම සහා මී මැස්සාගෙන් ඉටුවන මෙහෙවර සුළුකොට තැකිය හැකි නොවේ. ඉතා කුඩා ජීවියෙකු වුවද මී මැස්සා පරිසරයේ සුන්දරත්වය ඔප් නංවයි.

මී මැස්සාගෙන් සිදුවන ප්‍රධාන කාර්යයන්
කෘෂිකාර්මික කටයුතුවලදී ස්වභාවික පරාගනය මගින් වගාවන්හි එලදාව වැඩිකර ගැනීම සඳහා මී මැස්සාගේ දායකත්වය ඉතා ඉහල මට්ටමක පවතී. එසේම පරිසර හිතකාමී ජීවියෙකු වන මී මැස්සන් විසින් දුර්ලභ ශාක වර්ග රැකගැනීම සඳහාද විශේෂ වූ කාර්යභාරයක් ඉටු කරයි. එසේම අමතර ආදායම් මාර්ගයක් ලෙස හැඳින්විය හැකි මී පැණි ලබාදීමද මී මැස්සාගෙන් ඉටුවන සුවිශේෂ කාර්යයකි.
මී පැණි යනු අතීතයේ සිටම මිනිසුන් මෙන්ම සමහර සතුන් අතරද විශේෂිත ආහාරයක්ව පැවති දෙයකි. මී පැණි යනු ස්වභාවික ආහාරයක් මෙන්ම පෝෂණීය ගුණය අතින් සහ ඖෂධීය ගුණය අතින් ඉදිරියෙන්ම සිටින දෙයකි. දේශීය වෛද්‍ය විද්‍යා‍වේදී මී පැණි සහා සුවිශේෂ ස්ථානයක් හිමිවේ. එසේම ශක්ති ජනක ආහාරයක් ලෙසද මී පැණි ඉදිරියෙන් සිටී.  එසේම ආහාර කල්තබා ගැනීමේ මාධ්‍යයක් ලෙසද මී පැණි අතීතයේ සිටම භාවිතා කර ඇත. උදාහරණ ලෙස දඩමස් සහ රට ඉි කල්තබා ගැනීම සහා මී පැණිවල බහා තැබීම හැින්විය හැකිය.
          ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල විවිධ දේශගුණික කලාපවලට ආවේනිකව මී මැස්සන් වාසය කරයි. ඔවුන් ගන්නා ආහාර වෙනස් බැවින් මී පැණිවල රසයෙහි සහ සංයුතියෙහි වෙනස්කම් පවතී.
          මේ වනවිට මී මැස්සා වඳවී යාමේ තර්ජනයට ලක්වෙමින් පවතී. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර හෙලි පෙහෙලි කිරීම සහ එමගින් සතුන්ගේ ස්වභාවික ආහාර සහ වාසස්ථාන අහිමිවීමත්, මෙරටට ආවේනික නොවූ සමහර ශාකවර්ග නිසාත්, දිනෙන් දින ඉහල යන කෘෂි රසායනික භාවිතයත් නිසා මී මැස්සන්ගේ ස්වභාවික චර්යාවන්ට අනිසි බලපෑම් ඇතිතිරීම මගින් මී මැස්සන් වඳවී යාමට හේතුවී ඇත.මෙලෙස දිගින් දිගටම මී මැස්සන් වඳවී යාම සිදුවුවහොත් ඉදිරියේදී මුළු  ලෝකයම දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇත.
          මෙම අවදානම්  තත්වය මැනවින් අවබෝධ කරගත් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන පරිසරය සුරැකීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. එමෙන්ම මී මැස්සන් සඳහා හිතකර පාරිසරික තත්ව සකසමින් ගෘහස්ථ මට්ටමින් මී මැස්සන් ඇතිකිරීම සඳහා ජනතාව යොමු කරවීමේ වැඩපිළිවෙලවල් ආරම්භ කර ඇත. සහනදායී මිලට මී මැසි  පෙට්ටි සපයමින් සහ අවශ්‍ය පුහුණු ලබාදෙමින් මෙම කාර්යය ඉදිරියට ගෙනයමින් පවතී. එසේම ඔවුන් සඳහා හිතකර ශාක වර්ග සහ අහිතකර ශාක වර්ග හඳුනාගනිමින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් පවතින අවදානම් තත්වයෙන් මිදීම සඳහා ගනු ලබන උත්සාහය ප්‍රසංශනීය වේ.

එචි.එම්.ආර්.කේ.පී. හේරත් (විද්‍යා හා තාක්ෂණ නිලධාරි)
විදාතා සම්පත් මධ්‍යස්ථානය - කොබෙයිගනේ

0 comments:

Post a Comment