December 12, 2017

විදුලි බිල ඉහල යන්නේද? සන්සුන්වන්න......

විදුලි පංකා සහ වායු සමීකරණ නිසා ඔබේ විදුලි බිල ඉහල යන්නේද? සන්සුන්වන්න......  


පහත සදහන් ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්න.
වායු සමීකරණ යන්ත්‍ර
  • වායු සමිකරණ යන්ත්‍ර මද වශයෙන් පාවිච්චි කරන්න. ස්ථානය සිසිල්ව තබා ගන්න. එහෙත් ජලය මිදෙන ප්‍රමාණයට නොවේ. හොදම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26 කි.
  •  වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමට පෙර දෙවරක් සිතන්න. එය අත්‍යවශ්‍ය නොවේ නම් විදුලි පංකාවක් පාවිච්චි කරන්න.
  • ඔබේ නිවසට ගැලපෙන ප්‍රමාණයේ යන්ත්‍රයක් තෝරා ගන්න.
  •  උෂ්ණත්ව පාලකය අංශක 26 ට පිහිටුවන්න. අංශක එකක අඩුවීමක් සදහා වියදම 4% කින් වැඩිවේ.
  •  වායු සමනය කරන ලද කාමර වල විදුලි පංකා පාවිචීචි කරන්නේ නම් උෂ්ණත්ව පාලක වඩාත් වැඩි උෂ්ණත්ව වල රැදවිය හැකිය.
  •  ඔබගේ අවශ්‍යතා අනුව කාලසටහනක් අනුව අෂ්ණත්වය වෙනස් වන අන්දමට සකස් කළ ඇති    උෂ්ණත්ව පාලකයක් සවිකර ගන්න.
  • පෙරනයන් පිරිසිදුව තබාගන්න. නල සහ සිදුරු පිරිසිදු කරන්න. කුණු බැදුණු පෙරහන් වලින් වාතය ගමන් කිරිම අවහිර වේ. එවිට කොම්ප්‍රෙෂර් වලට වැඩ වැඩිවේ.
  • වායු සමිකරණය ක්‍රියාත්මක වන විට දොර ජනෙල් වසා තබන්න. ජනෙල් තිර මගින් දිවා කාලයේ උෂ්ණය අඩු කිරීම හෝ අවහිර හෝ කෙරේ.
  • කාමර වායු සමීකරණ යන්ත්‍ර ගොඩනැිගිල්ලේ වැඩියෙන්ම සෙවන සෙවන ඇති පැත්තේ        සවිකරන්න.හිරු එළියෙන් ආවරණය කිරීම පිණිස ගස් වවන්න.
  • බිදුනු හෝ කැඩුණු ජනේල සහ විදුලි උපකරණ,ස්විච ආදිය සවිකල ස්ථාන හොදින් වසන්න.
  •  ජලනල,වායුනල,විදුලි කම්බි බිත්තිය අතරින් යොදා තිබේ නම් ඒ තැන්වලින් වාතය පිටවිම                 වලක්වන්න.

 
විදුලි පංකා    


 සිවිලිං පංකා පාවිච්චිය සිමා කරන්න. ඒවා සදහා වැඩි බල ශක්තියක් වැය වේ. වෙනුවට අඩු බලශක්තියක්  වැයවන මේස හෝ පෙඩස්ටල් විදුලි පංකා භාවිතා කරන්න. ඔබගේ විදුලි පංකාව හොද තත්වයෙන් පවත්වාගන්න. නිෂ්පාදකයාගේ උපදෙස් අනුව ක්රියා කරන්න. ඔබට කෙලින්ම සුළං පහර ලැබෙන ස්ථානයක පංකාව තබන්න.


 ඔබ දැනගෙන සිටියෙහිද?

ඔබ නිවස සිසිල්ව සහ සුවපහසුව තබාගැනීම සදහා උද්‍යාන අලංකරණ ශිල්පය ස්වාභාවික සහ අලංකාර ක්‍රමයකි. ඵලදායි ලෙස සෙවන ලැබෙන සේ ගස් ස්ථානගත කරන්න. එමගින් ගෘහස්ථ බලශක්ති ප්‍රමාණයෙන් 25% දක්වා ඉතිරි කර ගත හැක.















උපුටා ගැනීම : www.energy.gov.lk
                       (Sri Lanka Sustainable Energy Authority)

0 comments:

Post a Comment