December 6, 2017

බයික් එකකටත් එහා ගිය බයික් එකක්


යෞවනය කවදත් මෝටර් සයිකල් කෙරෙහි දක්වන්නේ සුවිශේෂී උනන්දුවක්. වර්තමානයේ තරුණයින් අතර නවීන වර්ගයේ මොටර් සයිකල් සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ අගයක් ගන්නා අතර අප රටේ එන්ජින් ධාරිතාව 250 CC සඳහා ඇති ඉල්ලුම කැපී පෙනෙයි. ආරක්ෂාව සඳහා 250 CC ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් සහිත මෝටර් සයිකල් නිෂ්පාදනය සීමා පැනවුවද ධාරිතාව 1000 CC මෝටර් සයිකල් නැතුවාම නොවේ. 150 CC ධාරිතාව සහිත මෝටර් සයිකල් පැද ඇති අයෙකුට 4700 CC එන්ජිමක් සහිත මොටර් සයිකලයක් යනු සිහිනයක් වනු ඇත.

Lazareth  නම් ප්‍රංශ සමාගමක් විසින් එන්ජින් ධාරිතාව 4700 CC සහිත Lazareth LM 847 නමින් අමුතුම තාලයේ මෝටර් බයිසිකලයක් ලොවට හදුන්වා දී ඇත. මෙහි සුවිශේෂත්වය වන්නේ සාමාන්‍ය මොටර් සයිකලයේ රෝද 2 ක් තිබුණද මෙයට රෝද 4 ක් තිබීමයි. එසේ නිර්මාණය කර ඇත්තේ අධික වේගය අනුව සමතුලිත තාවය පවත්වා ගැනීම සඳහාය. මෙය 400 kg ක් බර වන අතර 2.6 m දිගකින් යුතු වන මෙය යුරෝපයේ ධාවනය කිරීමට අවසරය ලබා දී ඇත.යුරෝපයේ ධාවනය කිරීමට අවසරය ලබා දී ඇත.





J C J Jayaweera
Science and Technology Officer -dankotuwa

0 comments:

Post a Comment