January 3, 2018

ජලය සහ මිනිස් සිරුර

සාමාන්‍යයෙන් වැඩුණු මිනිස් සිරුරක 60% ක පමණ ප්‍රමාණයක ජලය අඩංගු වේ. විශාල ප්‍රමාණයක් මිනිස් ශරීරයේ  සෛල තුළ ජලය අන්තර්ගත වේ. ශාක හා සත්ව ප්‍රජාව බිලියන ගණනක ජීවය පැවැත්ම සදහා ජලය වැදගත් වන බව ඔබ අප දන්නා කරුණකි. මෙපමණ විශාල ජල ප්‍රමාණයක් අප ශරීරයේ ප්‍රධාන ස්ථාන 3ක අන්තර්ගත වී ඇති බව හදුනා ගත හැකිය. මිනිස් සිරුරේ සෛල වලින් 2/3ක් පමණ ජලය ඇති බව විද්‍යාඥයන් විසින් හදුනා ගෙන ඇත.අපගේ සෛල වල හා රුධිරය අතර ජලය 2/3ක් පමණ අන්තර්ගත වේ. ජලය 70Kgක් පමණ බර මිනිසකු සතුව ඔහුගේ ජල ප්‍රමාණය 42 Lක් පමණ වන බව සොයා ගෙන ඇත.

මිනිස් ශරීරයන් තුළ ජලයේ ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් කිහිපයක් පහත දැක්වේ.මිනිස් සිරුර තුළ 42 Lක් පමණ ජලය ඇති නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


1 සෛල වල ජීවිතය පවත්වාගෙන යාම.
             සෛල නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ජලය අත්‍යවශ්‍ය වේ. සෛල තුළ රසායනික ද්‍රව්‍ය වල සංයුතිය නිසි ලෙස පවත්වාගත යුතුය.
2 රසායනික හා පරිවෘත්තීය ක්‍රියා.
             මිනිස් සිරුරේ ජලය හරහා සිදුවන රසායනික ප්‍රතික්‍රියා කිහිපයකි. ප්‍රෝටීන් ලිපිඩ හා කාබෝහයිඩ්‍රේට් බිද දැමීම සදහා ජලය උපකාරී වේ.
3 පෝෂක ද්‍රව්‍ය හා අප ද්‍රව්‍ය ඉවත් කිරීම.
              රුධිරයේ ප්‍රධාන සංරචකයන් ලෙස ජලය පෝෂ්‍ය පදාර්ථ සෛල වලට ප්‍රවාහනය කරයි. පෝෂ්‍ය පදාර්ථ       ප්‍රවාහනය සදහා රුධිරයද උපකාරී වේ.
4 සිරුරේ සෛල මගින් ඉවත් කරන අප ද්‍රව්‍ය ප්‍රවාහනය සදහාද ජලය උපකාරී වේ.
              මුත්‍රා මගින් මෙම අපද්‍රව්‍ය ඉවත් වේ.
5 ශරීර උෂ්ණත්ව පාලනය
              උණුසුම් හෝ සිසිල් පරිසරයකදී ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට ජලය වැදගත් වේ.
උදා:-ශරීර උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය ඉහළ ගිය විට දහඩිය දැමීම සිදු වී ඒවා වාෂ්ප වීම මගින් ශරීර උෂ්ණත්වය නියතව ලබා ගනී. ජලය ජීවිතයේ හදවත බදුය. ජලය ලබා ගැනීමෙන් තොරව දින කිහිපයකට වඩා ජීවත් විය නොහැක.වැඩුණු මිනිසකු දිනකට1.5 L පමණවත් ජලය පානය කල යුතු බව සොයා ගෙන තිබේ.

මීට අමතරව සමහර ආයතන මගින්ද ජලයෙහි Ph අගය වෙනස් කර රෝග සදහාද එදිනෙදා කාර්යන් සදහාද යොදා ගැනීමට අවස්ථා උදා කර දී ඇත. Ph අගය වෙනස් කර පහත ආකාරයට වර්ගීකරණය කර තිබේ.
1.               1       Ph අගය11
මෙම ජලය බීමට සුදුසු නොවන අතර දිනපතා කාර්යන් සදහා යොදා ගත හැකිය. ආහාර පිළියෙළ කිරීමට හා පිරිසිදු කිරීමට යොදා ගත හැකිය. ආහාර වල ඇති කෘමිනාශක වැනි ද්‍රව්‍ය මෙම ජලයට දිය වේ. දීසි සහ ලෝහමය ද්‍රව්‍ය සේදීම සදහා මෙම ජලය සුදුසු වේ.

2    Ph අගය 8.5 -9.5
මෙම ජලය බීම සහ සෞඛ්‍යසම්පන්න ආහාර පිසීම සදහා සුදුසු වේ. භාෂ්මික ගුණයෙන් යුක්ත මෙම ජලය ශරීරයේ සෞඛ්‍යසම්පන්න යහ පැවැත්ම සදහා යෝග්‍යය. ආහාර පිළියෙළ කිරීමට තේ කෝපි සෑදීමට සුප් වැනි දේ   සැදීමට යෝග්‍ය වේ. එලෙසම ශාක වලට දැනීම සදහාද යෝග්‍ය වේ. 

3   Ph අගය 7 පිරිසිදු ජලය.
මෙම ජලය ක්ලෝරීන් වලින් නිදහස් වේ. කුඩා දරුවන්ගේ ආහාර පිළියෙළ කිරීමට සහ බෙහෙත් වර්ග බීමට මෙම ජලය සුදුසු වේ.
4   Ph අගය 4.3 – 6ත් අතර ජලය
මෙම ජලය බීම සදහා සුදුසු නොවේ. ආම්ලිකතාව වැඩි වේ. රූපලාවනය කටයුතු සදහා යොදා ගත හැක.
උදා:- මුහුණ සේදීමට
         ඇස් වල ආරක්ෂාවට
         සුරතල් සතුන්ගේ ආරක්ෂාවට
         ඔප දැමීමට
         පිරිසිදු කාරකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍යය.
5  Ph අගය 2.5 - 2.7
   බීම සදහා කිසිසේත්ම නුසුදුසුය ආම්ලිකතාව ඉතාමත්ම වැඩිය.පිරිසිදු කිරීම් හා ව්‍යාපාරික කටයුතු සදහා යොදා ගත හැක.

ඒ. ඒ. ජේ. එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය.
ගලගෙදර

0 comments:

Post a Comment