January 5, 2018

ස්පින්ට්‍රොනික් සුපිරි තාක්ෂණය

 
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය නිසා පසුගිය වසර 50ක කාලය තුල විප්ලවීය වෙනසක් සිදුවුනා.  ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේදී අපි භාවිතා කල ආරෝපිත ගුණය අභිබවමින් විද්‍යාඥයින් ඉලෙක්ට්‍රෝනවල භ්‍රමණය උපයෝගී කරගනිමින්, තාක්ෂණික ක්ෂේත්‍රය තුල නව පියවරක් ඉදිරියට තැබීමට සුදානමින් සිටිනවා. එම නව තාක්ෂණය Spintronics (ස්පින්ට්‍රොනික් තාක්ෂණය්දී) ලෙස හඳුන්වනවා.

මෙහිදී අප ඉලෙක්ට්‍රෝනවල ආරෝපිත ගුණය භාවිතා කල ආකාරයටම, එහිවූ භ්‍රමණයවීමේ ගුණය භාවිතා කරයි. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට අනුව අද තොරතුරු කේතනය කරන්නේ, විද්‍යුතය ගලා යන විට එය 1 ලෙස සලකන අතර, විද්‍යුතය අක්‍රීයව පවතින විට එය 0 ලෙස සලකනවා.ඉලෙක්ට්‍රෝන වලට උඩට සහ පහලට දිශානති දෙකකට කරකැවෙන්නට පුළුවන්. එම නිසා සක්‍රීය සහ අක්‍රීය යන සංකල්පයෙන් 1 සහ 0 නිරූපණය කරනවා වෙනුවට, උඩට සහ පහලට භ්‍රමණයවීමේ ගුණාංගය ප්‍රයෝජනයට ගන්නට හැකියාව තිබෙනවා.

ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය හා සසඳා බැලීමේදී ස්පින්ට්‍රොනික් තාක්ෂනය සතුව වාසි සහගත වගේම මෙම ක්‍රමය ඉතාමත්ම වේගවත් විශ්වාසදායක වෙනවා.

ඉලෙක්ට්‍රෝන වල ගලායාම පාලනය කිරීමට අර්ධ සන්නායක භාවිතා කරනවා වෙනුවට, ඉලෙක්ට්‍රෝන වල භ්‍රමණය වීම කියවීමට අවශ්‍ය වන්නේ ඇලුමීනියම් සහ තඹ වැනි සරල අමුද්‍රව්‍ය පමණයි.

භ්‍රමණය වීම ක්ෂණිකව වෙනස් කිරීමට හැකි නිසා බල හානියකදී එය ක්ෂණිකව නැතිවී යයි. එම විද්‍යුත් ධාරාවක් නඩත්තු කරනවාට වඩා අඩු බලයකින් ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වීමට සලස්වන්න පුළුවන් නිසා ආරම්භයේදී ස්පින්ට්‍රොනික් වලට අවශ්‍ය වන්නේ ඉතාමත්ම අවම බලශක්තියකි.

90 දශකයේ සිට මෙම ස්පින්ට්‍රොනික් තාක්ෂණය සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රොනික් වලට භාවිතා කර තිබෙනවා. ගුවන්යානා වල පරිගණක වල RAM වලටද එම තාක්ෂණය යොදවා තිබෙනවා. මොකද එය cosmic rays වලට නිරාවරණය වීමේදී ඉහල විශ්වාසදායි බවක් පෙන්වනවා. නොබෝ දිනකින් එය SD Card වල වූ ෆ්ලෑෂ් මෙමරි තාක්ෂණයද ප්‍රතිස්ථාපනය කරනවා ඇති.

ඉලෙක්ට්‍රෝන වල චලනය වීමට සහ ස්පින් කරන්ට් නිර්මාණය වීමේ ක්‍රියාවලියට තාපය සහ විදුලි බලය බලපාන ආකාරය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් වෙහෙස මහන්සි වෙනවා. එම කරුණ පසක් කරගත් විට අනාගතයේදී ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය වෙනුවට නව ස්පින්ට්‍රොනික් තාක්ෂණය භාවිතා කරන්නට පුළුවන්.

තවත් අවුරුදු කිහිපයකින් මෙම ස්පින්ට්‍රොනික් තාක්ෂණය විසින් ලෝකයම වෙනස් කිරීමට නියමිතයි.

අන්තර්ජාලය ඇසුරිනි.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී
පාදුක්ක.

0 comments:

Post a Comment