April 2, 2018

මුරුංගා

Moringa oleifera  යන විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන 

මුරුංගා විශාල ගසක් වන අතර එහි නිජ බිම උතුරැ ඉන්දියාව වේ.
මෙම ගස විවිධ නම් වලින් හදුන්වනු ලැබේ.

drumstick tree

 horse radish tree
මුරුංගා විටමින් සහ ඛනිජලවණ බහුල ආහාරයක් වන අතර අමු පොඩි කරන ලද ලද පත්‍ර 21 g වල අඩංගු පෝෂක ප්‍රමාණය පහත පරිදි වේ. 
                                                                
·         Protein: 2 grams
·         Vitamin B6: 19% of the RDA
·         Vitamin C: 12% of the RDA
·         Iron: 11% of the RDA
·         Riboflavin (B2): 11% of the RDA
·         Vitamin A (from beta-carotene): 9% of the RDA
·         Magnesium: 8% of the RDA

බටහිර රටවල කුඩු කරන ලද  වියලි පත්‍ර ආහාරයට ගැනිම සිදු කෙරේ.
අනෙක් කොල වර්ග වලට සාපේක්ෂව විටමින් සී බහුල වශනේ අඩංගු වේ.
Moringa වල අධික ලෙස ඇන්ටිඹක්සිජන් අඩංගු වේ.මෙහි විවිධ මුක්ත ඛන්ඩ විශාල වශයෙන් ඇත.
මේ නිසා හදවත් රෝග දියවැඩියාව වැනි රෝග වලට ක්‍රියා කිරීමේ හැකියාව ඇත.
Quercetin  - රැධිර පීඩනය අඩු කරන ප්‍රබල ඇන්ටිඹක්සිජනයක් වේ.
Chlorogenic acid -ආහාර ගැනීමෙන්පසු රැධිර සීනී පාලනයට වැදගත් වේ.
මෙය කෝපි වලද බහුලව අඩංගු වේ.
මුරුංගා 50 g දිනපතා  ආහාරයට එකතු කර ගැනීමෙන් මාස 03 ක් පමණ වන විට රැධිර ගත සීනී ප්‍රමාණය 21%කින් පමණ අඩු කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
අධික ලෙස ඇන්ටිඹක්සිජන් ඇති නිසා ආසාදන වලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත.
හදවත් රෝග පිලිකා රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.මුරුංගා වලින් රැධිරගක ක්ලොස්ටරෝල් මට්ටම පහත හෙලීමට උපකාරී වේ.
                                                                    
මුරුංගා ආසනිත් අන්තර්ගත වීමට එරෙහිව ක්‍රියා කරයි.
ආසනික් විෂ වීම අද ලෝකයේ බහුලව හදුනා ගත ගැටලුවක් වන අතර ආසනික් ගැටලුව සහල් ආශ්‍රිතව ඇත.
ආසනික් මගින් හදවත් රෝග සහ පිලිකා ඇති කිරීමට මග පාදයි.
ආසනික් ගැටලුව නිරාකරනය කිරීමට මෙම සුවිශේෂී ශාකයට හැකියාවක් ඇත.
මුරුංගා අක්මා රෝගවලදී සුවිශේෂී කාර්යයක් සිදු කෙරේ.
ආමාශයේ ඇති වන සංකූලතා මර්ධනයට මුරැංගා උපකාරී වේ.
හෝමෝන සමතුලිතාවය රැකීම මගින් වයසට යාම පමාකරවයි.
හිස කෙස් වර්ධනයටද උපකාරී වේ.
මුත්‍රාශයේ සහ වකුගඩු වල ගල් ඇතිවීම වලක්වයි.
නිරෝගී සමක් සහ පෙනුමක් ලබා දෙයි.

විවිධ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති මුරුංගා පත්‍ර වියලා කුඩු කර කරලක් ලෙස භාවිතා කරයි.කේක් වර්ග බිස්කට් වර්ග සෑදීමේදී මුරුංගා පත්‍ර වියලා කුඩු භාවිතා කල හැකි වේ.



උපුටා ගැනීම -Health benefits of Moringa oleifera


0 comments:

Post a Comment