April 11, 2018

මුහුදේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා මියයන තල්මසුන්


පසුගිය ජනවාරි මාසයේදී මියගිය පිරිමි ස්පම් තල්මසෙක්  (sperm whale) දකුණු ස්පාඤ්ඤයේ මූර්සියානු වෙරළ තීරයට ගොඩ ගසා තිබේ. ප්ලාස්ටික් සුන්බුන් කිලෝ ග්රෑම් 29 ක් (රාත්තල් 64 ) ගිලීම නිසා හටගත් ආමාශයික කම්පනයකින් මෙම අවාසනාවන්ත  සත්වයා මිය ගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වි ඇත.

කඹ, දැල්, ප්ලාස්ටික් බෑග්, රාෆියා ගෝනි සහ ප්ලාස්ටික් කෑන් ආදී මිනිසා විසින් ඇති කරන අපද්‍රව්‍ය ස්පර්ම් තල්මසාගේ ආමාශය හා බඩවැල් තුල තිබී හමුවූ බව ප්‍රාදේශීය අධිකාරීන් පසුගිය සිකුරාදා නිවේදනය කරන ලදී.

El Valle වනජීවී ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථානයේ විශේඥයෝ විශ්වාස කරනුයේ මීටර 10 ක් (අඩි 33) දිග හා ටොන් 6.6 ක් බර තල්මසා මිය යාමට හේතුව උගේ උදරයේ අන්තර් බිත්ති තුල ඇතිවූ ඉදිමුම සහිත දැවිල්ල (ප්‍රදාහය) බවයි. එය බැක්ටීරියා සහ දිලිර ආසාදනයක ක්‍රියාරම්භකය වේ. එසේම එය ශරීරය තුල වූ විශාල ප්‍රමාණයක දිරවා ගත නොහැකි වූ ප්ලාස්ටික් වල ප්‍රතිපලයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති.

අප විසින් ඉවතලු ප්ලාස්ටික් සංඝටක නිසා තල්මසුන් මිය ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. කනගාටුදායක ලෙස මෙය වඩ වඩාත් පොදු වන තත්ත්වයක් ඇති වි තිබේ. 2016 දී, ස්මර්ට් තල්මස් 13 ක තොගයක් උන්ගේ ආමාශ තුල ප්ලාස්ටික් කුණු සහිතව ගොඩ බිමට ගසාගෙන විත් තිබේ. මීටර් 13 (අඩි 43) දිගු ධීවරයෙකුගේ දැලක් සහ සෙන්ටිමීටර් 70 ක් දිගැති මෝටර් රථ ප්ලාස්ටික් ෂීට් එකක් මෙම කුණු තුල තිබී ඇත. උදරයේ ප්ලාස්ටික් බෑග් 30 ක් සමඟ තවත් මිය ගිය තල්මසෙක් සොයා ගෙන ඇත.

අද ලෝක සාගරවල පාවෙන ප්ලාස්ටික් ටොන් ට්රිලියන 5.2 ක් පමණ තිබිම නිසා මෙම ගැටලුව තවදුරටත් වර්ධනය වෙනු ඇති අපේක්ෂා කෙරේ. ආක්ටික් හා ගැඹුරු මුහුද වැනි ඈත පිටිසර ප්‍රදේශ වලද මෙම තත්වය දක්නට ලැබේ. කෙසේවෙතත් මූර්සියානු වෙරළ සිද්ධිය සැළකීමේදී එහි කලාපීය රජය විසින් ප්ලාස්ටික් දූෂණයෙන් මුහුදු ජීවීන් ආරක්ෂා කිරීම සහ සාගරවලින් තවත් මිනිස් කුණු කදු ඇතිවීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙලවල් කිහිපයක්ම දියත් කර ඇත. 2030 වන විට සියළුම ප්ලාස්ටික් නැවත භාවිත කළ හැකි හෝ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි වන ඉලක්කයක් සහිතව යුරෝපා සංගමයද මෑතකදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැළැක්වීමේ ක්‍රමෝපායන් දියත් කළේය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/SSdyUGvSutU?t=89

0 comments:

Post a Comment