April 19, 2018

දියවැඩියාවට පාද සමිභාවනය


පාද සම්භාවනයෙන් අන්තර්සර්ත ග්‍රන්ථි  උත්තේජනය

දියවැඩියාව පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා වසර 100ක පමණ ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්‍රතිකර්මයකි.
Reflexology  යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්‍රතිකර්මයකි.මෙය දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්‍යය රැක ගැනීමට ඉවහල් වේ.
රැධිරගත සීනී සාන්ද්‍රනයට හේතු වන්නේ කාබෝහයිඩ්‍රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්‍රියාවල ගැටලුවකි.
මෙය අග්‍යනාශයේ අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.
පාද සම්භාවනය කර අන්තරාසර්ග ග්‍රන්ථි උත්තේජනය කිරීම මගින් රැධිරයේ සීනි මට්ටම පාලනය කර ගත හැකිය.



රූපසටහනේ දැක්වෙන පරිදි මෙම අන්තාසර්ග ග්‍රන්ති හා සමිබන්ධ  ප්‍රදේශ මාපට ඇගිල්ල මගින් පීඩනයක් ඇති කිරීම මගින් ගුන්ථි උත්තේජනය කල හැකිය.
පිටියුටරි ග්‍රන්ථිය
මෙය ශරීරයේ ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්තියයි.මෙය මගින් තයිරොය්ඩ් ඇඩ්රිනලීන් සහ ප්‍රජනක ග්‍රන්තිය පාලනය කරයි.මෙම ග්‍රන්තිය මගින් endopnins  නම් හෝමෝනය ස්‍රාවය කරන අතර ස්නායු පද්ධතිය සහ වේදනාව අඩු වීම කෙරෙහි බලපායි.
පයිනල් ග්‍රන්ථිය
මෙය මගින් මෙලටොනින් ස්‍රාවය කරවයි.මෙමගින් ශරීරයේ දවසේ ක්‍රියා පාලනය කරයි.මෙය තෙවනි ඇස ලෙස හදුන්වනු ලැබේ.                       
තයිරොයිඩ් සහ පැරාතයිරොඩ් ග්‍රන්ථිය
මෙය මගින් තයිරොයිඩ් හෝමෝන ස්‍රාවය කරනු ලබයි .
තයිරොයිඩ් හෝමෝන මගින්
ශ්වසනය
හෘද ස්පන්ධනය
මධ්‍ය සහ පර්යන්ත ස්නායු පද්ධති ක්‍රියාකාරකම්
ශරීරයේ බර
පේශී වල ක්‍රියාකාරකම්
ආවර්ත චක්‍රය
සිරැරේ උෂ්ණත්වය
ක්ලෙස්ටරෝල් ප්‍රමාණය
ප්‍රොටීන් පරිවෘත්තිය
පැරාතයිරොය්ඩ් හෝමෝන මගින් රැධිරයේ කැල්සියම් පොස්පරස් සංයුතිය පාලනය කරයි.
තයිමස් ග්‍රන්ථිය මෙම හෝමෝන මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරන පද්ධතිය පාලනය කරයි.
ඇඩ්රිනලීන් ග්‍රන්ථිය  මගින් ග්ලුකොස් රැධිරයට නිදහස් කරයි.ලිංගික හෝමෝන   යාමනය කරයි.

අග්න්‍යාශික ග්‍රන්ථි -ඉන්සියුලින් ග්ර්‍ලූකගන් ස්‍රාවය කිරීම මගින් රැධිරයේ ග්ලුකකෝස් මට්ටම පාලනය කරයි.



උපුටා ගැනීම  අන්ගර්ජාලය

0 comments:

Post a Comment