April 18, 2018

දත් පිරවුම් හා මුල් ඇලවුම් වෙනුවට නව ජීව විද්‍යාත්මක දන්ත නිෂ්පාදනයක්

සුළු කනස්සල්ලට හා භීතියට හේතු වන ක්‍රියා ලෙස දත් පිරවීම හෝ මුල් ඇළවීම (Fillings And Root Canals) සාමාන්‍යයෙන් සළකනු ලැබේ. බොහෝ අය දත් පිරවීම හෝ මුල් ඇළවීම යන ප්‍රතිකාර වලට අකමැති නිසා දන්ත රෝගවලට ප්‍රතිකාර ගැනීමෙන් වලකින බව වාර්තා වි තිබේ. මේ නිසා 25% ක් පමණ වැඩිහිටියන්ගේ  දිරාපත්වන දත් සදහා ප්‍රතිකාර නොකෙරේ. එහෙත් මෙම අපහසුතා ගෙනෙන දන්ත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ඉතා ඉක්මණින් වෙනස් වීමට නියමිත බව පැවසේ. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් මෙවැනි දන්ත ශල්‍යකර්ම නොමැතිව දත් එනැමල්වලට ප්‍රතිකාර කළ හැකි පහසු නිෂ්පාදනයක් නිර්මාණය කර ඇත.

 මෙම සොයාගැනීම පිළිබද වාර්තාවක් ACS Biomaterials Science and Engineering සඟරාවේ ප්‍රකාශයට පත් කරන් ලදුව මෙම ක්‍රියාවලිය remineralization (ප්‍රතිමිලීකරණය කිරීම) ලෙස හඳුන්වාදී තිබේ. වර්තමාන දන්ත ශල්‍යකර්ම සඳහා නිරෝගී විකල්පයක් ලෙස peptides (අමිනෝ අම්ල විශේෂයක්) මගින් මෙහෙයවන ප්‍රතිමිලිකරණය හදුන්වාදිය හැකි බව පර්යේෂණයේ ප්‍රධාන විද්‍යා ලේඛක,  ද්‍රව්‍ය විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු හා UW හි  මුඛ සෞඛ්‍ය විද්‍යා ආයතනයේ රසායන ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙහි අනුබද්ධ මහාචාර්යවරයකු වූ Mehmet Sarikaya (මෙහෙම්ට් සරිකායා) ප්‍රකාශ කරයි.

ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය කරන එනමල්-ගොඩනැගීමේ ප්‍රෝටීන සමූහයක (amelogenins) අනුප්රාණය මෙම කණ්ඩායම විසින් ලබා ගෙන එම amelogenin වලින් ව්‍යූත්පන්න වූ අමිනෝ අම්ල සංයෝගය වර්ධනය කර තිබේ. දත්වල  එනමලය ශක්තිමත් කිරීමට සහ දෘඩ බව ඇතිකිරීම සඳහා අවශ්‍ය ඛනිජ නිපදවීම සඳහා මෙම කෙටි දාම සහිත අමිනෝ අම්ල සංයෝගය (peptide)  එනම් නව නිෂ්පාදනයේ විශේෂ අමුද්‍රව්‍ය ප්‍රධාන වේ.  

මෙම peptides දත් මතුපිටට බැදෙන බව සනාථ කර ඇති අතර කැල්සියම් සහ ෆොස්ෆේට් අයන සම්බන්ද කර ගනු ලබන බවද පර්යේෂණයේ සම කතෘ UW හි ආචාර්ය උපාධි අපේක්ෂක Deniz Yucesoy ප්‍රකාශ කරයි.

Peptide සංයෝගයෙහි එක් යෙදුමක් මගින් නව එනමල් 10 ත් 50 ත් අතර ප්‍රමාණයක් නිපදවා ඇත. එය ෆ්ලෝරයිඩ් පමණක් සහ ෆ්ලෝරයිඩ්-පෙප්ටයිඩ් සංයුක්ත සංයෝග දෙකටම වඩා වැඩි වැඩිදියුණු තත්වයක් බව පරීක්ෂණ වලින් සනාථ වි තිබේ. මෙම නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ස්වභාවික මෙන්ම වැඩිහිටියන් හා ළමුන් සදහා භාවිතා කිරීම ආරක්ෂිත යැයි පර්යේෂකයෝ පවසති.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment