May 15, 2018

විද්‍යාත්මක දැනුම මත පිළිතුරු පහසු වූ අපහසු ප්‍රශ්ණ කිහිපයක් (6- 10)

සෑම වසර දෙක තුනකට වරක් සාමාන්‍ය ප්‍රජාවගේ විද්‍යාත්මකව දැනුම විශ්ලේෂණය සදහා ඇමෙරිකානු National Science Foundation ආයතනය මගින් සමීක්ෂණයක් පවත්වයි. ප්‍රශ්ණ වසරෙන් වසරට මදක් වෙනස් වුවද ප්‍රශ්ණ සියල්ලම භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව පිළිබඳ මූලික කරුණු සමඟ සම්බන්ධ වේ. එලෙස ඉදිරිපත් කළ 1 සිට 5 දක්වා ප්‍රශ්ණ 5 ක් පෙර ලිපියෙන්  ඉදිරිපත් කළ අතර  6 සිට 10 දක්වා තවත් ප්‍රශ්ණ 5 ක් මෙම  ලිපියේ සදහන් වේ.

සාමාන්‍ය ජනතාවට මෙන්ම උපාධිධාරීන්ටද, සිසුන්ටද මෙම ප්‍රශ්ණ වලට එකවර පිළිතුරු ලබාදිය හැකි නමුත් පිළිතුරුවල සත්‍යතාවය පිලිබදව සාධාරණියකරණය සදහා විද්‍යාව උපයෝගී වූ ආකාරය පැහැදිලි කිරීම තරමක් ගැටළු සහගත වි තිබේ. නිවැරිදි පිළිතුරු සැපයීමේදී සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් නිතරම ඉදිරියෙන් සිටියද පරිපුර්ණ ලකුණු තත්වය වාර්තා කිරීම ඉතා සිමිත වි ඇත. ගැටලුවද එයට පිලිතුරද රුප භාවිතයෙන් ලබාදී තිබීම නිසා ඒවා පහසුවෙන් මතක සිටින බව වාර්තා වේ. සියලු ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු ජායාරුපද සමගින් ප්‍රශ්ණ අවසානයේ පහතින් පළකර තිබේ.
6. ලේසර් කිරණ ශබ්ද තරංග වලින් ක්‍රියාත්මක වේ. සත්‍ය වේ / අසත්‍ය වේ ?
නැවතත්, සාමාන්‍ය ප්‍රජාවෙන් අඩකට වඩා අඩුවෙන් (45%) ක් නිවැරදි පිළිතුර තෝරාගත් අතර සිසුන්ගෙන් හරි අඩකට වඩා (52%) නිවැරැදි විය.

7. විශ්වය විශාල පිපිරීමක් සමඟ ආරම්භ විය. සත්‍ය වේ / අසත්‍ය වේ?
සමීක්ෂණයට ලක් වූවන්ගෙන් 39% ක්ද සිසුන්ගෙන් 44% ක්ද නිවැරිදි විය.

8. දරුවා පිරිමි ළමයෙකු හෝ ගැහැනු ළමයෙකුදැයි තීරණය කරන්නේ පියාගේ ජානයි. සත්‍ය වේ / අසත්‍ය වේ?
සමස්තයක් වශයෙන් 59% ක ප්‍රතිශතයක් නිවැරදිව පිළිතුරු ලබා දී ඇත. සිසුන්ගේ නිරවද්‍යතාවය 71% කි.

9. ප්‍රතිජීවක ඖෂධ වෛරස් මෙන්ම බැක්ටීරියා ද විනාශ කරයි. සත්‍ය වේ / අසත්‍ය වේ?
ප්‍රතිචාර දෑක්වුවන්ගෙන් ගෙන් හරි අඩකට වැඩි පිරිසකට 51% ක් හා සිසුන් 73% ක් නිවැරිදි විය.

10. අද අප දන්නා පරිදි, මිනිසා පෙර සත්ව විශේෂයේ සතුන්ගෙන් වර්ධනය වී ඇත. සත්‍ය වේ / අසත්‍ය වේ?
සමස්තයක් වශයෙන් 52% ක් නිවැරිදි විය. සිසුන් 63% ක් නිවැරදි විය.
පිළිතුරු

6. පිළිතුර: අසත්‍ය වේ.
උත්තේත විකිරණ විමෝචනය මගින් ආලෝකය විස්තාරණය වීම  "Laser" ලෙස සැලකේ. එනිසා ලේසර් යොමු කිරීම ආලෝක තරංග මගින් මිස ශබ්ද තරංග වලින් සිදුනොවේ.




7. පිළිතුර: සත්‍ය වේ.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වසර 9 ක් පුරා නිරීක්ෂණය කරන ලද නිරවද්‍යතාවයන් මගින් විශ්වයේ රාත්‍රී අහසෙහි ඇති ගැඹුරුතම, අඳුරුතම ප්‍රදේශ තුල මන්දාකිණි 10,000 ක් පමණ අනාවරණය විය.
ඇත්තවශයෙන්ම මහා පිපිරුම, පිපිරීමකට වඩා ප්‍රසාරණයවීමක් ලෙස සැළකිය හැකි නමුත් නිවැරිදි පිළිතුර “සත්‍ය වේ” යන්නයි.



8. පිළිතුර: සත්‍ය වේ.
ශුක්රාණු, X (ගැහැණු) හෝ Y (පිරිමි) වර්ණදේහ වලින් සමන්විත වේ. දරුවාගේ ගැහැණු හෝ පිරිමි බව  තීරණය වන්නේ මවගේ ඩිම්බය පළමුව මුණගැසෙන ශුක්රාණුවේ වර්ණදේහය අනුවය. එනම් පළමුව මුණගැසුනේ,  X නම් ගැහැණු දරුවෙක්ද Y නම් පිරිමි දරුවෙක්ද වේ.




9. පිළිතුර: අසත්‍ය වේ.
ප්‍රතිජීවක ඖෂධ වෛරස් නොව බැක්ටීරියා විනාශ කරයි.
Lactobacillus බැක්ටීරියාවේ නිදර්ශනයක් ජායාරුපයෙන් දැක්වේ.







10. පිළිතුර: සත්‍ය වේ.
Hominoid’s ට පොදු මුතුන්මිත්තෙක් ඇත. ස්වාභාවික වරණය මගින් පරිණාමය යන්න විද්‍යා ඉතිහාසයේ හොඳ තර්කානුකූල සිද්ධාන්ත අතුරින් එකක් වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභවයන් ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment