May 16, 2018

සම මත ත්‍රිමාණව මුද්‍රණය කරන පැළඳිය හැකි තාක්ෂණික උපකරණ


ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් තමාට අවශ්‍ය විට තම අත්ල මත මුද්‍රණය කර ලබාගැනීමට පහසුකම් සලසන අඩු වියදම් 3D (ත්‍රිමාණ) මුද්‍රණ යන්ත්‍රයක් පළමු වරට නිපදවා තිබෙන බව වාර්තා වේ. එය ඊළඟ පරම්පරාවට අවශ්‍ය පැළඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම සඳහා මඟ පාදනු ඇත. මෙම අනුවර්තනීය මුද්‍රණ යන්ත්‍රය ස්වයංපාලක හා ප්‍රවාහණීය වේ. එනම් එය තමන්ට අවශ්‍ය සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ තමාට අවශ්‍ය විටදී මුද්‍රණය කර ලබාදෙන පහසුවෙන් රැගෙන යාහැකි ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකි. සොල්දාදුවන්ගේ ශරීරයේ තාවකාලික රසායනික සංවේදක හෝ අත්‍යාවශ්‍ය ඉලෙක්ට්‍රොනික අරෝපණ මුද්‍රණය කිරීම සඳහා සොල්දාදුවන්ට මෙය වඩා ප්‍රයෝජනවත් වේ.

 ඩොලර් 400 ට වඩා අඩු පිරිවැයක් සහිත මෙවැනි සැහැල්ලු මුද්‍රණ යන්ත්‍රයකින් නව 3D මුද්‍රණ ශිල්ප විභවයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා" යැයි අධ්‍යනයේ ප්‍රධාන කතෘ Michael McAlpine (මයිකල්) වාර්තා කරයි. “සොල්දාදුවෙකුට මෙම මුද්‍රණ යන්ත්‍රය තම උර පොදියෙන් (backpack) පිටතට ගෙන ඔවුන්ට අවශ්‍ය රසායනික සංවේදකය හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ තම හස්තය මත මුද්‍රණය කරගත හැකි වේ යැයි අපි සිතමු. අවශ්‍ය බොහෝදෑ මුද්‍රණයෙන් ලබාගත හැකි ජංගම මුද්‍රණ යන්ත්‍රයක් සහිත අනාගතයේ "ස්විස් යුධ පිහියක්" වැන්නක් ලෙස එය සැලකිය හැකි වේ.”

ක්‍රමාංකනය කර මුද්‍රණය කරන සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයක් මෙන් නොව මෙය සුපරීක්ෂණය (scan) කරන අතරතුරම සමේ සටහන් කරන තාවකාලික සලකුණුකරණයන් මඟින් සැබෑ කාලය තුළ ශරීරයේ කුඩා චලනයන් මුලින් හඳුනාගැනීමට සහ ඒ අනුව හැඩ ගැසිම සඳහා නිරීක්ෂණ කැමරා භාවිතා කරයි.

 “සම මත මුද්‍රණය සදහා මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරන විට නිසලව සිටීමට කිසිවෙකු කොතරම් උත්සාහ කළද යම් පුද්ගලයෙකුගේ සමෙහි හෝ අතෙහි සියුම් චලනයන් එකිනෙකට වෙනස් වන අතර අත්වල ප්‍රමාණයන්ද වෙනස් වේ.  අතෙහි සටහන් කළ සලකුණු භාවිතා කර සැබෑ කාලය (real time) තුල අතෙහි චලන හා සමෝච්ඡයන් මගින් අතෙහි පථය අනුව පිහිටීම මෙම  මුද්‍රණ යන්ත්‍රය හසුකර ගනියි.”  McAlpine පවසයි.

රිදී පත්‍රවලින් සාදා ඇති අතිශයින්ම සන්නායක හා ජල-ද්‍රාව්‍ය වූ තීන්ත කාමර උෂ්ණත්වයේදී ක්‍රියාත්මක වන නිසා එමගින් අතෙහි කිසිදු පිළිස්සීමක් සිදු නොවේ. වියළීමේ වේගය කඩිනම් කිරීම සඳහා මෙම තීන්තවලට එතනෝල් එකතු කරනු ලැබේ. සැහැල්ලු රැහැන් රහිත ඉලෙක්ට්‍රොනික් උපාංග සහ තෙතමන සංවේදක යන දෙවර්ගයම ආරෝපණය කිරීම සදහා ආකෘතිගත ප්‍රේරක දඟර සේවය මෙමගින් සපයයි. විද්‍යාඥයන් පවසන්නේ එය දහඩිය හරහා ශාරීරික ශක්තිය හෝ මානසික ආතතිය අධීක්ෂණය කිරීමට උපකාර වන බවයි. මුද්‍රණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණය පැය දෙකකට වඩා වැඩි කාලයක් අතේ රඳවාගත හැකි අතර, ඉන්පසුව භාවිතා කරන්නාට අවශ්‍ය පරිදි පහසුවෙන් සූරාදැමීමට හෝ සෝදාහැරීමට  හැකිය
 
මෙම අධ්‍යනයේදී, මූසිකයාගේ සමේ තුවාලයක් මතට ජෛව විද්‍යාත්මක සෛල අඩංගු හයිඩ්රොජල් "bioink" පර්යේෂකයන් විසින් සාර්ථක ලෙස මුද්‍රණය කළ බව Advanced Materials සඟරාවේ පළකර තිබේ. ඔවුන් පවසන පරිදි තුවාල සුව කිරීම සඳහා නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් සහ සමේ රෝග සඳහා බද්ධ කිරීම කෙලින්ම මුද්‍රණයෙන් සිදුකිරීමේ ක්‍රමයක්  නව සොයාගැනීම මගින් අපේක්ෂා කළ හැකි වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:හර්ෂ ලංකේශ්වර
https://youtu.be/-P3sv6XUATs?t=5

0 comments:

Post a Comment